අගමැති හෝ විදේශ ඇමැති පාප් වහන්සේ හමුවන්නේ නැහැ – අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසයි

155

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි සංචාරයක නිරත වන්නේ යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ ආරාධනයක් අනුව බවත් එම සංචාරයේදී කිසිදු අවස්ථාවක දී, උතුම් වූ පාප් වහන්සේ බැහැදැකීම පිණිස වතිකානුව වෙත යෑම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කොට හෝ එවැනි ආරාධනයක් ලැබී හෝ නැතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මෙම උත්සවයට ඉතාලියේ අග‍්‍රාමාත්‍යවරයා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වන බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේ ආරම්භක සැසියේ ප‍්‍රධාන දේශනය ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා විසින් සිදුකිරීමට නියමිත බවත් එම උත්සවයෙන් පසු අග‍්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඉතාලියෙන් පිටත්ව එනු ඇතැයිද අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment