අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

277

මහ වැසි සමග අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය අනතුරු අගවයි.

මේ වනවිට අත්තනගලු ඔයේ ජල මට්ටම මීටර් 3.90 ලෙස සටහන්ව තිබේ.

අත්තනගලු ඔයේ දූනමලේ ජාල මාපකයේ අගය 4.40ක් දක්වා වර්ධනය වුවහොත් එය සුළු ගං වතුර තත්ත්වයක් ලෙසද එහි අගය 5.50ක් දක්වා වර්ධනය වුවහොත් මහා ගංවතුර තත්ත්වයක් ලෙසද හඳුන්වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය වැඩිදුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment