අන්තර් දිස්ත්‍රික් කාන්තා අවුරුදු 23න් පහළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය

92

ගාල්ලට අඛණ්ඩව තෙවැනි ජයත්

අන්තර් දිස්ත්‍රික් කාන්තා අවුරුදු 23න් පහළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ගාල්ල කාන්තා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඩයලොග් ආසියාටා අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන මෙම තරගාවලියේ අනෙක් තරග ජය ගැනීමට අනුරාධපුර, මොණරාගල, ගම්පහ, යාපනය, කිලිනොච්චි, රත්නපුර, මන්නාරම සහ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය.

ගාල්ල කණ්ඩායම හා රත්නපුර දිස්ත්‍රික් කාන්තා පිල අතර තරගයේදී ගාල්ල කණ්ඩායම කඩුලු 10 කින් ජය ගෙන තෙවැනි ජයග්‍රහණයට හිමිකම් කීය. රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 32කට දැවී ගිය අතර ගාල්ල කණ්ඩායම 6 වැනි පන්දුවාරයේදී කිසිවෙක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment