අපිට මඩ ගහන්න කෝටි ගණන් කුඩු සල්ලි වියදම් කරනවා – ඇමැති ටිරාන් කියයි

100

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන බිලියන ගණනක ධනය අපට මඩ ගැසීමට වියදම් කරනවා යැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.

ඇතැම් නීතිඥයන් හරහා විවිධ ප්‍රකාශ කිරීම හා විවිධ චෝදනා එල්ල කරමින් නඩු පැවරීමට එම මුදල් වියදම් කරන බව ද කොළඹ දකුණ ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා නෙළුම්පොකුණ රඟහලේ පැවති විශේෂ වැඩමුළුවකදී ඇමැතිවරයා කියා සිටියේය.

තමා අමාත්‍ය ධුරයේ සිටින තෙක් රටේ මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීම සඳහා කරන මෙහෙයුම් කිසිසේත් නතර නොකරන බව ද ඇමැතිවරයා කීය.

මත්ද්‍රව්‍ය සහ පාතාලයට ඇතැම් පොලිස් නිලධාරීන් ද සම්බන්ධ වී සිටිය හැකි බවත් කුමන නිලධාරියා සම්බන්ධ වී සිටිය ද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment