අපේක්‍ෂා රෝහලේ සිදුකරන මේ පින්කමට සහාය දෙන්න

45

පන්නිපිටියේ කොණ්ඩා සැකසුම් ශිල්පියකු වන නිශාන්ත දිසානායක මහතා පුරා වසර පහකට අධික කාලයක් තිස්සේ මහරගම අපේක්ෂා රෝහලේ විශේෂ පුණ්‍යකර්මයක නිරත වෙයි. ඒ සෑම පොහොය දිනකදීම රෝහලට ගොස් සියලු රෝගීන්ගේ කොණ්ඩා රැවුල් කපා පිරිසිදු කිරීමයි. මේ කටයුත්ත සඳහා ඔහු තවත් කිහිප දෙනකු සහායට ගනී.

නොමිලයේ සිදු කරන මේ කටයුත්ත වෙනුවෙන් වුවද මාසිකව යම් මුදලක් වැය කිරීමට සිදුවන්නේ අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය. පොහෝ දිනයේ පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා රෝගීන් 150කගේ පමණ කොණ්ඩා රැවුල් කැපීම සිදු කරනු ලබයි. මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා ඔබට සහයෝගයක් ලබා දිය හැකිනම් 0775993844 අංකය අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment