අම්මේ… මගේ හිස හිරිවැටිලා… පාඩම් නොකළැයි පහර කෑ දරුවා රෝහලේදී මියගිහින්…. සැකකාර පියා රිමාන්ඩ්

743

කොසු මිටෙන් පහරදී 16 හැවිරිදි තම පුතා ඝාතනය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පියා ඔක්තෝබර් 13වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (30) නියෝග කළේය. සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමටද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. – අහංගම – සුගතපාල දියගහගේ

පාඩම් නොකළ නිසා පියා විසින් කොසු මිටකින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ පුතෙකු ගාල්ල” කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30 දා) අළුයම මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවූ ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප‍්‍රදේශයේ පදිංචි 11 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. මොහු පාඩම් වැඩ සිදුනොකිරීම නිසා ඉන් කෝපයට පත් පියා කොසුමිටකින් මෙකී පාසල් සිසුවාගේ හිසට පහරදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පෙරේදා (29 දා) පස්වරු 3.00ට පමණ මෙම සිද්ධිය වී ඇත. පසුව පාසල් සිසුවා විසින් තම හිස හිරිවැටී ඇති බව මවට ප‍්‍රකාශකොට ඇත. පසුව පාසල් සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබේ. රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30 දා) අළුයම පාසල් සිසුවා මියගොස්

ඇත. මෙකී සිද්ධියට සම්බන්ධ සැකකාර පියා ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 49 හැවිරිදිවියේ පසුවන අයෙකි ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment