අරගලය ගාලුමුවදොරින් පිටවෙයි – දින 124කට පසු

442

නව ජවයකින් අරගලය  යළි පටන් ගන්නවා – කොස්වත්තේ මහානාම හිමි

මර්දනය වැඩි වන තරමට  අරගලය තව තීව්‍ර වෙනවා – නීතිඥ මනෝජ් නානායක්කාර

අරගලය ගාලුමුවදොරින් පිටවෙයි - දින 124කට පසු

ජනපති සහ අගමැති ඉවත් කිරීම දක්වා ප්‍රබලවූ, දින 124ක් පුරා කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ ජන අරගලයේ අරගලකරුවෝ ඊයේ (10 දා) ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට සමුදී ඉවත් වූහ.

ඉකුත් අප්‍රේල් මස 09 වැනිදා රට පුරා දහස් සංඛ්‍යාත පිරිසක් තමන් මුහුණපා සිටි අනේක විද දුෂ්කරතාවන්ට විරෝධය පළ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වහා ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම ජන අරගලය ආරම්භ කළහ. ඊයේ කොළඹට පැමිණි සාමකාමී අරගලකරුවෝ විශාල පිරිසක් ගාලුමුවදොර අවට ‘ගෝඨා ගෝ ගම’ නමින් නම් කළ ගම්මානයක් ඉදිකර ගනිමින් එම භූමියේ කඳවුරුලා රැඳී සිටියහ.

අරගලය ගාලුමුවදොරින් පිටවෙයි - දින 124කට පසු

සිංහල – හින්දු අලුත් අවුරුද්ද මෙන්ම වෙසක් හා පොසොන් පොහොය ද මෙම අරගල භූමියේදී සැමරූ අතර අරගලයේ නිරත තරුණ තරුණියන් නවීණ තාක්‍ෂණය හරහා අරගල භූමිය වර්ණවත් කළ අයුරු කාගේත් ප්‍රසාදයට ලක්විය.

ඉකුත් මැයි මස 09 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති ජනහමුවකට සහභාගි වූ කණ්ඩායමක් අරගල භූමියට කඩාවැදී එහි සිටි අරගලකරුවන්ට පහර දීමත් සමග රට පුරා ප්‍රචණ්ඩත්වය පැතිර ගිය අතර ඒ හේතුවෙන් එවකට සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවිය.

අරගලය ගාලුමුවදොරින් පිටවෙයි - දින 124කට පසු

ඉන් මසකට පසුව එවකට සිටි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු ඇමැති මණ්ඩලයට ද ඉල්ලා අස්වීමට සිදුවීමට තරම් මෙම ජන අරගලය තීරණාත්මක බලපෑමක් සිදු කළේය. අරගලයේ ආරම්භක සටන් පාඨය වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත් විය යුතු බවට බලකරමින් ජුලි මස 09 වැනිදා නැවතත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට රැස්වූ අතර එම ජන විරෝධය හමුවේ හිටපු ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වී සිය මව්බිමෙන් ද නික්ම යෑමට සිදුවිය.

ඉන් පසුව නව ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට ද විරෝධය පළ කරමින් අරගලකරුවෝ සිය සටන මෙහෙය වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස අරගලයට එරෙහිව ඉකුත් 22 දා ආරක්‍ෂක අංශ විසින් ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් පසුව ක්‍රමයෙන් අරගලය දියාරු වෙමින් යෑම ආරම්භ විය.

එතෙක් කලක් අරගලයට සහය පළකරමින් අරගල භූමියේ රැඳී සිටි බොහෝ සංවිධාන හා පුද්ගල කණ්ඩායම් අරගල බිමෙන් ක්‍රමයෙන් ඉවත් වූ අතර ඉන් පසුව අරගල බිමෙහි රැඳී සිටි අරගලකරුවෝ ද ඊයේ (10 දා) දින 124කට පසු ගාලු මුවදොර අරගල භූමියට සමුදුන්හ.

මේ අතර අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරීහු ඊයේ (10 දා) මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ පැවසූහ.

කොස්වත්තේ මහානාම හිමි , මේ අරගලය ඉවර වන්නේ නැහැ. අපි නව ජවයකින් අරගලය නැවතත් ක්‍රියාත්මක කරනවා. හදිසි නීතිය වහා ඉවත් කර ගන්නා ලෙසත්, ජන වරමක් නැති රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුව වහා ඉවත් වී නව ජනවරමක් සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. නව ආකෘතියක් යටතේ මේ අරගලය ඉදිරියට ක්‍රියාත්මක කරනවා.

නීතිඥ මනෝජ් නානායක්කාර මහතා,

අද වනවිට මර්දනය දැඩිව ක්‍රියාත්මක වෙනවා. මර්දනය වැඩි වන තරමට අරගලය තවත් තීව්‍ර වෙනවා. සියලු අරගලකරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නීතිඥ ප්‍රජාව ඉදිරියටත් පෙනී සිටිනවා.

කමල් බෝගොඩ කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment