අවසන් පුහුණුවේදී දුනිත් උගන්ඩාවට පාඩමක් උගන්වයි

411

පන්දුවාර 3 ක් තුළ ප‍්‍රතිවාදීන්ට එක් ලකුණක්වත් ලබා නොදෙමින් කඩුලු 4 ක් දවා ගත් ශී‍්‍ර ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ගේ පන්දු යැවීම හේතුවෙන් යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි පුහුණු තරගයෙන් උගන්ඩාවට එරෙහි ලකුණු 231ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලබාගත් ලකුණු 277 ක ඉලක්කයක් හඹා ගිය උගන්ඩා කණ්ඩායමට දුනිත්ගේ දක්‍ෂ පන්දු යැවීම හේතුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 46 ක් පමණි. දුනිත් කඩුලු 4 ක් ලබා ගත් අතර චමිඳු වික‍්‍රමසිංහ සහ යසිරු රොද්‍රිගු කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ශ‍්‍රී ලංකාව සිය පන්දුවාර 50 තුළදී ලබාගත් ලකුණු 277 සඳහා පිතිහරඹයෙන් දායකත්වය දැක්වූ සදීෂ රාජපක්‍ෂ නොදැවී ලකුණු 75 ක්ද, ශෙවෝන් ඩැනියල් ලකුණු 46 ක් ද යසිරු රොද්‍රිගු ලකුණු 32 ක් ලබා ගත්හ.

සදීෂ සිය ලකුණු 75 සඳහා පන්දු 90 කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 9 ක් එක්කර ගැනීමට සමත් වූවේය. බටහිර ඉන්දීය කොදෙව් හි ගායානා හිදී මෙම තරගය පැවැත්විණි.

ලකුණු සාරාංශය

ශ‍්‍රී ලංකාව 277/8- සදිෂ රාජපක්‍ෂ 75, ශෙවෝන් ඩැනියෙල් 46, යසිරු රොද්‍රිගු 32, සකුණ ලියනගේ 23

පන්දු යැවීම – ජොෂප් බගුමා 25/2, පැස්කල් මුරාන්ගි 63/2

උගන්ඩාව 46/10

බ‍්‍රයන් අසාබ් 13

පන්දු යැවීම – දුනිත් වෙල්ලාලගේ 00/4, චමිඳු වික‍්‍රමසිංහ 5/2, යසිරු රොද්‍රිගු 06/2

advertistmentadvertistment
advertistmentadvertistment