අවුරුදු 19 න් පහළ ආසියානු තරගාවලිය බංගලියෝ ශූරයෝ

246

බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම 2023 ආසියානු යොවුන් ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඊයේ (17 වැනිදා) සමත් වූයේය.

බංගලාදේශ කණ්ඩායමක් ආසියානු යොවුන් ක්‍රිකට් කිරුළ දිනාගත් පළමු අවස්ථාව ලෙස එම අවස්ථාව සටහන් විය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි යටතේ මෙවර පැවති තරගාවලිය 10 වැනි තරගාවලිය වූ අතර ඉන් අවස්ථා 8කම ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත්ව තිබූ අතර 2013 වසරේදී ඇෆ්ගනිස්තානය එම ශූරතාවයට හිමිකම් කීය.

බංගලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඊයේ පැවැති අවසන් තරගයේදී ලකුණු 195ක ජයග්‍රහණයක් ලබා ගත් බංගලාදේශය එම ශූරතාවයට හිමිකම් කී අතර බංග්ලාදේශය ලකුණු 282 ක් ලැබූ අතර එමීර් ක්‍රීඩකයෝ ලකුණු 87 කට දැවී ගියහ.

ඉන්දියාව සහ පකිස්තානය අවසන් පූර්ව වටයේදී තරගාවලියෙන් ඉවතට ගිය අතර ශ්‍රී ලංකාව මූලික වටයේදීම ඉවතට ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment