අස්වැසුම දෙවැනි අදියරට අයැදුම්පත් කැඳවීම 15 දා අවසන්

64

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයැදුම්පත් කැඳවීම මාර්තු 15 (සිකුරාදා) අවසන් වන නිසා ඒ සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයැදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

දෙවැනි අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන් වෙත ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිතය. දැනට මිලියන 2 කට ආසන්න පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ හිමි කර ගන්නා අතර එම සංඛ්‍යාව මිලියන 2.4 දක්වා ඉහළ නැංවීම දෙවැනි අදියරේ අපේක්ෂාවයි. ඒ සඳහා මෙවර අයවැය මගින් රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment