ආණ්ඩුව කඳුළු ගෑස් රසායනික අවියක් කරගෙන

64

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කඳුළු ගෑස් ප්‍රහාර රසායනික අවියක් ලෙස භාවිතා කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි.

පොලිසිය සහ හමුදාව යොදවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ආණ්ඩුව අමානුෂික ලෙස පහර දෙන බවත්, ඔවුන් උත්සාහ ගන්නේ නැවතත් අසූවේ දශකයට ගමන් කිරීමට බවත් හෙතෙම සඳහන් කරයි.

ඊට එරෙහිව සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම එක්කරගෙන විරෝධතා පවත්වන බව ද වසන්ත මුදලිගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment