පොලිසිය ටිපර් රථයකට වෙඩි තබයි

460

යාපනය, පුත්තූර් ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට අද උදෑසන පොලීසිය වෙඩිතබා තිබේ.පොලීසිය පැවසුවේ පලෙයි ප්‍රදේශයේ සිට නීතිවිරෝධිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් නවත්වන ලෙසට පොලිස් නිලධාරීන් නියෝග කළ බවට. එහිදී සැකකරුවන් පොලිස් අණ නොතකා ධාවනය කොට ඇත.එම අවස්ථාවේදී පොලිසිය ටිපර් රථයේ ටයර්වලට කළ වෙඩිතැබීමෙන් පසු ටිපර් රථය පෙරළි තිබේ. නීතිවිරෝධිව වැලි ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් හා අත්අඩංගුවට ගත් ටිපර් රථය යාපනය පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment