ආතරයිටීස් රෝගයට ජීවබල ප්‍රතිකාර

904

හන්දිපත් රෝගය එසේත් නැතිනම් ආතරයිටීස් රෝගයට ගොදුරුවූ විට දිගු කාලයක් ඉන් පීඩාවට පත්ව සිටින රෝගීන් දැකිය හැකිය. ඇත්තෙන්ම ආතරයිටීස් යනු දිගු කාලයක් ප්‍රතිකාර ගතයුතු රෝගයක්ද කියා අපි විමසා බලමු.

වෛද්‍යතුමනි දේශීය සහ ආයුර්වේද වෙදකමට අනුව ආතරයිටීස් රෝගය හඳුන්වන්නේ කෙසේද?

අප සෑම පුද්ගලයකුගේම ශරීරයේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතිය වයසට යනවිට දුර්වල වේ. මොළය, හෘදය වස්තුව, අක්මාව, ආමාශය, වකුගඩු ආදී ලෙසින් මෙම ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාකාරීත්වය වයසට යනවිට යම් මට්ටමකට දුර්වල වේ. ඒ අතර අප නිසි ලෙස දිනකට අවශ්‍ය කරන ජලය ලීටර් 06 ක් පමණ පානය නොකිරීම, පෝෂ්‍යදායී ආහාර නොගැනීම, නිසි කලට සිරුරට විරේකයක් ලබාදී සිරුරේ ඇති විෂ බැහැර කිරීම ආදිය නොකිරීම නිසාද අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ දුර්වලතා ඇතිවේ.

ඒ අනුව හන්දිපත්වල ඇති මාංශ පේශීන්, අස්ථි, කාටිලේජ ආදියද මෙම දුර්වලතාවයන්ගේ බලපෑම නිසා ඉතා ඉක්මනින් දුර්වලවීමට පටන් ගනී. එනිසා ආතරයිටීස් රෝගය ඇතිවීම වයසට පමණක් නොව සිරුරේ සෙසු ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ද බලපෑම් ඇති කරයි.

අප බොහෝ දෙනෙක් තුන්වේලක් ආහාර ගැනීමට හුරුවී සිටිති. මෙවැනි පුද්ගලයන්ට පවසන්නේ රෝගී කියාය. දෙවේලක් ආහාරයට ගැනීමට හුරුවී ඇති අයට භෝගී ලෙස පවසයි. එක්වේලක් පමණක් ආහාරයට ගැනීමට හුරුව ඇති අය යෝගී ලෙස හඳුන්වයි. මෙහිදී යෝගී දිවියකට හුරුවූ පුද්ගලයන්ට ලෙඩ රෝග වැළඳීම සිදුවීම ඉතා අඩු මට්ටමක පවතී.

එම තත්ත්වයට පැමිණීම සඳහා ඔවුන් කයින් සහ මනසින් උසස් මට්ටමකට පත්ව සිටී.

අප ගනු ලබන ආහාර සිරුරට උරා ගැනීම ආකාර කිහිපයකට සිදුවේ. රස, රක්ත, මාංශ සහ ශුක්‍ර ලෙස ඒවා කොටස් කර ශරීරයට එක්වේ. ආමාශය, පිත්තාශය, අග්න්‍යාසය ආදී ඉන්ද්‍රියයන්ගෙන් ශ්‍රාවය වන රසායනික ද්‍රව්‍ය මගින් ආහාර ජීර්ණය වීමට පටන්ගෙන ඉන් පළමුව රස කොටස් උරාගනී. ඉන්පසු රුධිරයට අවශ්‍ය ද්‍රව්‍ය රක්ත ලෙස උරාගනී. මාංශපේෂී, අස්ථි, ඇටමිදුලු වෙත මාංශ ලෙස උරාගනී. මේ සියල්ලේම උපරිමය හෙවත් ඉහළම කොටස් ශුක්‍ර ලෙස සිරුරට උරාගනී.

එහිදී ශුක්‍ර කොටස් පිරිමියකුගේ වෘෂණ කෝෂ මගින් ශුක්‍ර ධාතු ලෙසද කාන්තාවකගේ ඩිම්බකෝෂය මගින් ඩිම්බ ධාතු ලෙසද නිපදවා පිටවේ.

මෙලෙස ආහාරයේ ඇති පෝෂණ කොටස් ශරීරයට උරාගෙන වාත, පිත, සෙම ලෙස ක්‍රියාකරයි. ඒවා නිසි ලෙස ක්‍රියා නොකරන විට එහි දෝෂ හටගෙන සිරුර තුළ ආම විෂ හටගනී. මෙම විෂ නිසා සිරුර ලෙඩ වේ. එවිට රස, රක්ත, මාංශ ශුක්‍ර ආදී කොටස් නිසි ලෙස සිරුරට ජීර්ණය වීම වළක්වාලයි. ඉන් ආතරයිටීස්, පිළිකා වැනි රෝග හටගනී.

ආතරයිටීස් රෝග ඇතිවීමේදී පළමුව දෙපාවල විලුඹ කොටසින් ඇතිවීම දැකිය හැකිය. ඉන්පසු දණහිස, වැලමිට, දෑත්, දෙපාවල ඇඟිලි ආදී ඕනෑම සන්ධියකට ඉතා ඉක්මනින් විෂ කොටස් ගමන් කර එහි ඇති බන්ධනී, කාටිලේජ, පටක ආදියට හානි සිදුකරයි. එවිට සන්ධි ඉදිමුමට ලක්වීම, වේදනාවට පත්වීම, නිසිලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම ආදිය ඇතිවේ. මෙලෙස ඇතිවන සන්ධි රෝග රූමැටික් ආතරයිටීස්, ඔස්ටියෝ ආතරයිටීස් ආදී ලෙසින් විවිධ වර්ග ලෙස හඳුන්වයි. මේ සියල්ලටම බලපා ඇත්තේ සිරුර තුළ හට ගෙන ඇති ආම විෂය. මෙම විෂ පිළිකා රෝග ඇතිවීමට ද බලපායි. එනිසා පෙර සෘෂිවරු ආතරයිටීස් රෝග හඳුන්වා ඇත්තේ පුරවිචං පිළිකා ලෙසය. එනම් ආතරයිටීස් රෝගය පිළිකා රෝග ගණයකට අයත් වන බවය.

වෛද්‍යතුමනි, මෙලෙස ඇතිවන ආතරයිටීස් රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

ආයුර්වේද සහ දේශීය පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මගින් සිදුකරන්නේ සිරුර තුළ හටගන්නා විෂ කොටස් නැති කර රස, රක්ත, මාංශ, ශුක්‍ර ආදී සප්ත ධාතු කොටස් පිරිසිදු කර වාත, පිත, සෙම යන ක්‍රියාකාරීත්වයන් නිසි ලෙස සිදුවීමට අවශ්‍ය පසුබිම සකසා සිරුර නිසිලෙස ක්‍රියාත්මක වීමට සැලසීමය. එහිදී බඩ විරේක ලබාදීම, නිසි ඖෂධ වර්ග ලබාදීම මගින් මෙම විෂ කොටස් සිරුරින් ඉවත් කරනු ලබයි.

ආතරයිටීස් රෝගයේදී ඇතිවන වේදනාව පමණක් පාලනය කිරීමට ඖෂධ දීම මගින් එය සුවකළ නොහැකියි.

වෛද්‍යතුමනි, මෙලෙස ප්‍රතිකාර මගින් ඉක්මන් සුවයක් ලබාගත හැකිද?

රෝගියාගේ පවතින රෝග තත්ත්වය අනුව ප්‍රබල රස බෙහෙත් ලබාදී, සිරුරේ විෂ ඉවත්කර, ආහාර මාර්ගය පිරිසිදු කර මාස හයක් පමණ කාලයකදී සම්පූර්ණයෙන් සුවපත් කළ හැකිය. ආතරයිටීස් රෝගයට දිගු කාලයක් ප්‍රතිකාර ගැනීමේදී වකුගඩු රෝග, අක්මා රෝග ඇතිවූ අය අපට හමුවී තිබෙනවා. එනිසා සිරුරේ විෂ ඉවත්කර කඩිනම් ප්‍රතිකාර ලබාදීම කළයුතුය.

ආතරයිටීස් රෝග ඇති අය ආහාර ගත් පසු උණු වතුර වීදුරුවක් පානය, සුදුලූනු ආහාරයට ගැනීම, උළුහාල් තම්බා උදෑසනට පානය, ව්‍යායාම වල යෙදීම, මුරුංගා කරල් ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම ආදිය මගින් රෝගය ඉතා ඉක්මනින් සුවකළ හැකිය.

ආතරයිටීස් රෝගයේදී සීතල ආහාර වර්ග ගැනීම, සීතල ජලය නෑම, සීතල ප්‍රදේශවල ජීවත්වීම ගුණදායී නැත.

නිතරම කෝපයෙන් සිටීම නිසා සිරුරින් ශ්‍රාවය වන කෝටිසෝල් වැනි හෝමෝන වර්ගද ආතරයිටීස් රෝගය උත්සන්න කිරීමට හේතුවේ. එනිසා තමා රෝගියකු යැයි සිතමින් කම්පාවීම, අන් අය සමඟ කෝපයෙන් පසුවීම නොකර සිත සැහැල්ලුවෙන් ගතකිරීමද මෙම රෝගය ඉක්මනින් සුව කර ගැනීමට හේතුවේ.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0778985757 ඇමැතිය හැකිය.

ආතරයිටීස් රෝගයට ජීවබල ප්‍රතිකාර

ආයුර්වේද පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛද්‍ය විශේෂ
ආචාර්ය වෛද්‍ය වජිරජීව සරත් කුමාර
ජීවබල වෙදමැඳුර, අංක 46/2/4 නැගෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත සහ

දඬුබැඳිරුප්ප දේවහූව, ගලේවෙල.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment