ඇණවුම් නොකළට ෂෙඩ්වල ඇති තරම් තෙල් තිබෙනවා

55

ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති

ඇණවුම් නොකළට ඉන්ධන හල්වල අවශ්‍ය ඉන්ධන තොග පවතින බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

අලෙවිය අඩුවීම නිසා ඉන්ධන හල්වල ආදායමද අඩුවී ඇති බවත් එවැනි තත්ත්වයක් තිබියදී ඉන්ධන ඇණවුම් කර නැවත ඉන්ධන මිල අඩුවුවහොත් ඉන්ධන හල්වලට තවත් පාඩු ලැබීමට වැඩි ඉඩක් ඇති නිසා ඇතැම් ඉන්ධන හල් ඇණවුම් සීමා කළ හැකි බවද ඔහු කීය.

මේ වනවිට ඉන්ධන හල්වලින් කිව්ආර් ක්‍රමයට ඉන්ධන නිකුත් කරන බවත් එම ක්‍රමය ඉවත් කළත් ඉන්ධන හල්වලින් ඉන්ධන ලබාගැනීමට ජනතාවට මුදල් හිඟ බවත් ඒ මහතා පැවැසීය.

පවතින තත්ත්වය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාගැනීමේදී කොන්දේසි කිහිපයක් පනවා ඇතත් එම කොන්දේසි ලිහිල් කරමින් චීනයේ සයිනොපැක් සමාගම ඉන්ධන ලබාදීමට එකඟතාව පළකර තිබෙන බවද එම නිසා ඉදිරියේදී එම සමාගමින් ඉන්ධන ගැනීමට බොහෝ පිරිසක් කැමැති වනු ඇති බවද ෂෙල්ටන් මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment