ඉතිහාසයේ ලොකුම ගෑස් මිල අඩු කිරීම අද රාත්‍රියෙන් පසු

149

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල අද (04 දා) මධ්‍යම රාත්‍රියෙන් පසු රුපියල් 1000කින් පමණ අඩු කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය. මෙය ඉතිහාසයේ වැඩිම ගෑස් මිල අඩුකිරීම වන බව ද ඒ මහතා කීය.

කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 2.5 ඇතුළු ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳව අද නිල වශයෙන් දැනුවත් කරන බව ද ඒ මහතා පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඩුවීම, රුපියල ශක්තිමත්වීම, උද්ධමනය අඩුවීම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන මිල අඩු කිරීම සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment