පොලිසියට විරුද්ධව සාක්ෂි දුන්නොත් එල්ලලා ගහනවා කිව්වා

399

සිද්ධිය ඇසින් දුටුවෙක් ෆොන්සේකාට කියයි

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේදී පොලිසියට විරුද්ධව සාක්ෂි දුන්නොත් තමාට එල්ලා පහර දෙන බවට පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු තර්ජනය කළ බවත් ඒ බව ඒ අවස්ථාවේදීම තමා මහෙස්ත්‍රාත්වරිය වෙතට පැමිණිලි කළ බවත් මියගිය අයගේ ළඟම මිතුරකු හා නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන පුද්ගලයක් මියගිය අයගේ නිවසට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරියේ පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය. 19 වැනිදා පාන්දර 4.00 ට මම එතැනට ආවේ. එතැන් සිට දහවල් වන තුරුම කිසිම සිද්ධියක් වුණේ නැහැ. රඹුක්කන පොලිසියේ නිලධාරීන් සමග ඉතා සහදව සිටියා. ඔවුන්ගෙන් කිසිම කරදරයක් වුණේ නැහැ.

ඊට පසුව ත්‍රිරෝද රථයක් ගිනි ගත්තා. අපි කෑගැහුවා පොලිසියෙන් ගිනි තිබ්බා කියලා. එතකොටම වාගේ පින්නවල හෝටලයක නතර වී සිටි මහනුවර පැත්තේ ඇමැතිවරයකුගේ ලේකම්වරයකු සමග කණ්ඩායමක් පැමිණියා. එවිටම කෑගල්ල පාරෙන් ආපු පොලිස් ජීප් රථය දිගටම වෙඩි තියාගෙන ගියා. ඊට පෙර රබර් උණ්ඩ 05 ක් ගැහුවා. කඳුළු ගෑස් ගැහුවා ඊට පස්සෙ එලව එලවා වෙඩි තිබ්බා.

කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment