ඉන්දියාවේ සිට හොරෙන් ආ අයෙක් අල්ලයි

232

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණි තරුණයෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර ඇත.

මෙම තරුණයා යාපනයේ ගුරුනගර් ප‍්‍රදේශයේ පිහිටි නිවසක සැගවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු 2008 වසරේදී මෙරට සිට ඉන්දියාවට ගොස් සරණාගත කඳවුරක වාසය කළ අයෙකි.

ඔහු පසුගිය 08 වැනිදා නැවතත් අනවසරයෙන් මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ තිබේ. මෙම පුද්ගලයා ලබන 23 දක්වා නිරෝධායනයට යොමු කර ඇති අතර පසුව මොහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍යය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment