ඉන්ධන නැතිවීමෙන් රටට ඩොලර් ගේන තේ කර්මාන්තයත් විනාශයි

56

ලක්‍ෂ 10 ක රැකියා අහිමි වීමේ අවදානමක්

ලෝක වෙළෙඳපළේ තේ ඉල්ලුමත් අහිමි වන ලකුණු

ඉන්ධන නැතිවීමෙන් රටට ඩොලර් ගේන තේ කර්මාන්තයත් විනාශයි

තේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන තොග වතු සමාගම්වලට නොලැබුණහොත් දැනට කඩාවැටී ඇති තේ ආර්ථිකය තවදුරටත් කඩාවැටීමේ දැඩි අවදානමකට පත්වී ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරේ මහතා පැවසීය.

ඉන්ධන නැතිවීමෙන් රටට ඩොලර් ගේන තේ කර්මාන්තයත් විනාශයි

ඒ මහතා පෙරේදා (05 දා) තලවකැලේ ප්‍රදේශයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් පැවසුවේ,

තේ වත්තේ සිට කර්මාන්ත ශාලාව දක්වා දළු ප්‍රවාහනයටත්, තේ කුඩු නිෂ්පාදනයටත්, වතු පාලනය කිරීමටත් දිනකට ඩීසල් සහ පෙට්‍රල් විශාල වශයෙන් අවශ්‍යයි. විදුලි කප්පාදුවත් නිසා ඉන්ධන විශාල වශයෙන් අවශ්‍යයි. තේ කර්මාන්තයේ සෘජුව සහ වක්‍රාකාරයෙන් ලක්ෂ 10 කට ආසන්න පිරිසක් රැකියාවල නිරතව සිටින බවත්, තේ ආර්ථිකය කඩාවැටුණහොත් මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් නතරවන බවත්, එම ලක්ෂ 10 පිරිසකගේ රැකියාවලට ගැටලුවක් මතුවන බවද ඒ මහතා පැවසීය.

අවශ්‍යතාවට සරිලන තේ සැපයුමක් මෙරටින් සිදු කිරිමට නොහැකි වුවහොත් ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල්වලින් තේ මිලදී ගැනීමට අපගේ ගැණුම්කරුවන් යොමුවේවි.

තේ වතු ආශ්‍රිතව නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල් වලින් වතුවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට යෑමේදී පෝලිම්වල රැඳී සිටින අය එයට විරුද්ධ වන නිසා තේ වතුවලට කිසිසේත් ඉන්ධන තොග නොලැබෙන බවත්, සංස්ථාව සෘජුවම වතු සමාගම්වලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරන්නේ නම් එම ඉන්ධන තොග ගබඩා කර ගැනීමේ පහසුකම්ද වතු සමාගම්වල පවතින බවද ඔහු කියා සිටියහ.

පවතින ඉන්ධන අර්බුදයෙන් තේ කුඩු නිෂ්පාදනය තාවකාලිකව නතර කර ඇති බවත්, ජීවන වියදම ඉහළ යෑම හමුවේ තේ වතුවල වැඩකරන වතු කම්කරු කාන්තාවන් විදේශ

රැකියා සඳහා යෑමේ වැඩි ප්‍රවණතාවයක් මතු වී ඇති බවද රාජදොරේ මහතා විශේෂ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment