අද්භූත ගිනි බෝලයක් මෙල්බර්න් නගරය හොල්ලයි

1472

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට අයත් අහසේ පෙරේදා (07දා) රාත්‍රියේ දැවැන්ත පිපිරීම් හඬක් නිකුත් කරමින් ගමන් කළ ආලෝකය සහිත අද්භූත ගිනි බෝලයක් හේතුවෙන් මෙල්බර්න් වැසියන් දහස් ගණනක් සිය නිවෙස්වලින් පිටතට පැමිණ ඒ පිළිබඳව විමසීම් කර තිබේ. මෙම අද්භූත ගිනි බෝලය උල්කාපාත වර්ෂාවක් බව ඇතැමුන් පවසද්දී තවත් පිරිසක් එය අභ්‍යවකාශයේ අපද්‍රව්‍ය බවත්, භූමිකම්පාවක් සිදු වූ බවට කෙරුණු සංඥාවක් බවත් පවසා තිබේ.

මෙල්බර්න් නගරයේ අහස ආලෝකමත් කරමින් ගමන් කර ඇති මෙම ගිනි බෝලය රුසියාව විසින් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම සඳහා යොදාගත් ‘සෝයුස් – 2 රොකට්ටුවේ සුන්බුන් නැවත පෘථිවියට ඇතුළු වීම පෙන්නුම් කරන්නක් බව ඕස්ට්‍රේලියානු අභ්‍යවකාශ ආයතනය පවසා තිබේ. සෝයුස් -2 රොකට්ටුව විසින් පෙරේදා දිනයේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment