ඉබේ මුත‍්‍රා පිටවන්නේ ඇයි?

2570

අප සමාජයේ බොහෝ කාන්තාවන් සගවා සිටින සහ ඔවුන්ගේ දිවිය දැඩි ලෙස පීඩාවට පත්කරන රෝගී තත්ත්වයක් ලෙස ඉබේ මුත‍්‍රා පිටවීම දැකිවිය හැකිය. අප ශරීරයට අනවශ්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමට පද්ධති කිහිපයක් ඇත. එහි වැදගත්ම එක් ඉන්ද්‍රියක් වන්නේ මුත‍්‍රාශයයි. මුත‍්‍රා පිටකිරීම සාමාන්‍ය ආකාරයට සිදුවීමේදී මුත‍්‍රාශය තුළ මුත‍්‍රා පිරුණු විට ඒ බව අපට සන්නිවේදනය වේ. එවිට අප මුත‍්‍රා පිටකිරීමට කටයුතු කරනු ලබයි. නමුත් විවිධ හේතු මත අසාමාන්‍ය ලෙස මුත‍්‍රා බැහැරවීම සිදුවන අවස්ථා දක්නට ලැබේ. එය පාලනයකින් තොරව මුත‍්‍රා පිටවීම ලෙස සලකයි.

ඉබේ මුත‍්‍රා පිටවන්නේ ඇයි?


වෛද්‍යතුමියනි හයියෙන් හිනාවුනාම, කැස්සක් ඇතිවුනාම, කිවිසුම් ගියාම, මුත‍්‍රා ඉබේ පිටවීම සිදුවන්නේ ඇයි?

 ⋆ මෙය අද සමාජයේ බොහෝ අයට දක්නට ලැබෙන ගැටලූවක්. පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වයට මේ තත්ත්වය උදාවීමේ ප‍්‍රවණතාවය වැඩිය. මෙවැනි තත්ත්වයට හේතු වන්නේ මුත‍්‍රා රදවාගෙන තබා ගැනීමට හෝ මුත‍්‍රා පිට කිරීමට හෝ උදව් වන ස්නායු හා පේශි දුර්වල වීම හෝ හානියට පත්වීම නිසා හෝ ඔවුන්ගේ මුත‍්‍රා පිටකිරීම නිසි ලෙස ඉටුකළ නොහැකි තත්ත්වයට පත්වීමය.

 ⋆ මේ තත්ත්වය ඇතිවීමට තවත් ප‍්‍රධානම හේතුවක් වන්නේ ආර්තවහරණ සමයේදී ඊස්ට‍්‍රජන් හෝර්මෝන ස‍්‍රාවය අඩුවීම නිසා මුත‍්‍රා ප‍්‍රවාහනය කරන මුත‍්‍රා නාලයෙහි පටකවලට හානි සිදුවීම.

 ⋆ ගර්භනී හා දරු ප‍්‍රසව සමයේදී ශ්‍රෝණි (උකුල් ප‍්‍රදේශයේ) පහළ පෙදෙස් පේශීන්ට හානි සිදුවීම නිසාද මුත‍්‍රා දරාගත නොහැකිව ඉබේ පිටවීම ඇතිවිය හැකිය.

 ⋆ ස්ත‍්‍රී ප‍්‍රජනන පද්ධතිය හා ශ්‍රෝ්ණි පෙදෙස් (යටි බඩ පෙදෙස්) ශල්‍යකර්මවල අතුරු අහිතකර ප‍්‍රතිඵලයක් ලෙසද මුත‍්‍රා පිටවීම පාලනය කරගත නොහැකි වන අවස්ථා ගැටලූ ඇතිවන්න පුළුවන.

 ⋆ සමහර ඖෂධ භාවිතය (විශේෂයෙන් මුත‍්‍රා කාරක ඖෂධ ගැනීම) සහ හෝර්මෝන ප‍්‍රතිස්ථාපන ඖෂධ භාවිතය ආදී හේතු නිසාද තාවකාලික හෝ ස්ථිර වශයෙන් හෝ මුත‍්‍රා බැහැර කිරීමේදී පාලනයක් නොවී සිටීමට හේතු විය හැකිය.

 ⋆ මළ බද්ධය (බඩ වේලීම)

 ⋆ කෝපි තුළ අඩංගු කැෆෙන් මුත‍්‍රා මාර්ගය කර්තව්‍ය නිසි ලෙස නොවීමට පුද්ගලයාගේ ශරීර ප‍්‍රතිශක්තිය දුර්වලතාවය අනුව බලපානු ඇත.

 ⋆ තරබාරුව (ස්ථුලතාවය), සචලතාව අහිමි වීම මෙන්ම වයසට යෑමත් සමග ඇතිවන වෙනස්කම් ද මුත‍්‍රා ර`දා නොසිට නොදැනුවත්ව බැහැර වීමට හේතු සාධක විය හැකිය.

 ⋆ පාකින්සන්, ආසාදනය වැනි ස්නායුගත රෝගවලට ගොදුරු වූ අයටද මුත‍්‍රා පාලනය කර ගත නොහැකිව ඉබේ පිටවන අවස්ථා නිතර දැකිය හැකිය.

 වෛද්‍යතුමියනි, මුත‍්‍රා ඉබේම පිටවීම (මුත‍්‍රා අසංයමයට) වර්ග කළ හැකිද?

 ඔව්, වර්ග තුනකට කාණ්ඩ කළ හැකියි. එය හ`දුනා සිටීම ප‍්‍රතිකාරයට වැදගත් වෙනවා.

 ⋆ ආතති අසංයමය

 කාන්තාවන් තුළ ඇතිවන සුලභම අසංයම තත්ත්වය ආතති අසංයමය ලෙස හදුන්වනවා. සිනාසුනත්, කිවිසුමක් ගියත්, කැස්සක් ඇතිවුවත් මුත‍්‍රා පිටවීමක් මෙහිදී දැකිය හැකිය.

 ⋆ පෙළඹුමේ අසංයමය

 මුත‍්‍රා පහ කිරීම සදහා තදබල අවශ්‍යතාවයක් ඇති වීමත්, මුත‍්‍රා කිරීමේ වැසිකිලියට යෑමට පෙර මුත‍්‍රා පහවීමත් මෙහිදී සිදුවෙනවා. කිසියම් පානයක් ගැනීම, සැනෙකින් මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඇතිවීම. නළයකින් වතුර ගලා යන ශබ්දයක් ඇසීම ආදියෙන් පවා මුත‍්‍රා ඉබේ පිටවීම ඇතිවිය හැකිය.

 රාත‍්‍රී කාලයේදී නින්දෙන් අවදි වී මුත‍්‍රා කිරීමේ තද අවශ්‍යතාවය ඇතිවීමද මෙහි ලක්ෂණයකි. පැය 24ක කාලයක් තුළ අට වරකට වඩා වැඩියෙන් මුත‍්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ද මෙහි ලක්ෂණයක් විය හැකිය.

 ⋆ උතුරායෑමේ අසංයමය

 කාන්තාවන්ට වඩා පිරිමින් තුළ සුලබ මෙම මුත‍්‍රා පිටවීම (අසංයමය තත්ත්වයට) හේතුව මුත‍්‍රා පහ කිරීමේදී මුත‍්‍රාශය මුළුමනින්ම හිස් නොවීමයි.

 ⋆ මිශ‍්‍ර අසංයමය

 වර්ග 2-3ක මිශ‍්‍ර ලෙස සැලකිය යුතුය. ආතතිය සහ පෙළඹුම අසංයමය තත්ත්වයක් මත වැඩිපුරම මෙසේ පැවතිය හැකිය.

 ⋆ ක‍්‍රියාකාරී මුත‍්‍රා අසංයමය

 රෝද පුටුවක දිවි ගෙවන, පාකින්සන්, ඇල්ෂයිමර් ආදී ස්නායු රෝගවලින් පෙළෙන කාන්තාවන් තුළින් සුලබව දැකිය හැකිය. මෙවැනි රෝගීන්ට තමන් මුත‍්‍රා කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව නොදැනීම මුත‍්‍රා පහවීම සිදුවිය හැකිය.

 වෛද්‍යතුමියනි, හෝමියෝපති ප‍්‍රතිකාර මගින් මෙවැනි තත්ත්වයන් සුවකර ගත හැකිද?

 මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වූ කුමන වයසක කුමන තත්ත්වයක වුවත් අපිට වැදගත් වන්නේ රෝග ලක්ෂණයයි. එය අප ප‍්‍රතිකාර ක‍්‍රමයේ ඉතා වැදගත් ස්ථානයක් වනවා. රෝග ලක්ෂණ ගෙන එයට අනුකූලවූ නිවැරදි හෝමියෝපති ඖෂධය දීම තුළ රෝගී තත්ත්වයට මූලිකු වූ හේතුව නැතිව යෑමක් සිදුකරනවා. එසේම ප‍්‍රතිශක්තිකරණය උද්දීපනය සිදුකරනවා. ව්‍යුහාත්මකව වෙනස් වූ කොටස් නිසා ඇතිවන අසමතුලිත ක‍්‍රියාදාමය නැවත යථාතත්ත්වයට ඇතුළාන්තයෙන් සැකසී ප‍්‍රකෘති තත්ත්වයට පත්වීම සිදුවෙනවා. එනම් මුත‍්‍රා දරා සිටීමේ හැකියාව ඇතිවීම, අවස්ථානුකූලව පිට කිරීමේ හැකියාව ඇතිවෙනවා. ඉන් නිවැරදි ක‍්‍රියාවලිය ඇතිවීම තුළින් රෝගියා සුවපත් භාවය ලැබීම සිදුවීමය. මේ තුළින් ශරීරයේ අනෙකුත් රෝගවලටත් පුදුමාකාර සුවයක් ලබනවා. රෝගය පිළිබ`දව අවබෝධය, විශ්වාසය, ඉවසීම, මේ ප‍්‍රතිකාර ක‍්‍රමය තුළ නියම ප‍්‍රතිඵල ලැබීමට හේතු වෙනවා. මන්ද යත් එකම ශරීරය තුළ ප‍්‍රතිශක්තිය උද්දීපනය මගින් මුළු ශරීරයම සුවපත්භාවය ගෙනදෙන්නට මේ ප‍්‍රතිකාර ක‍්‍රමය ක‍්‍රමානුකූලව බලවත් ලෙස ක‍්‍රියා කරනවා. පාවිච්චිය සරල, කිසිදු අතුරු අබාධයක් නොමැති හෝමියෝපති ඖෂධ තුළින් ඔබත් සුවපත් වනු නොඅනුමානය.

ඉබේ මුත‍්‍රා පිටවන්නේ ඇයි?

advertistmentadvertistment
advertistmentadvertistment