ඊපීඑෆ්-ඊටීඑෆ් අරමුදල්වලට අත තියන්න එපා

144

අන්තර් සමාගම් සේවක සංගමය නඩු යයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට බලපෑමක් නොකරන ලෙස මහ බැංකු අධිපතිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය ඊයේ (26දා) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

මෙම අරමුදල් දෙකේ සාමාජිකයන් වන ලක්‍ෂ 24 ක් පමණ වන සේවකයන්ගේ මුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී කපා හැරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්, එසේ වුවහොත් එය බරපතළ තත්ත්වයක් බවත් එම මුදල් ආරක්ෂා කර සහතිකයක් දිය යුතු අතර ඒ වෙනුවෙන් අන්තර් සමාගම් සේවක සංගමය පෙනී සිටින බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මහ බැංකු අධිපතිපතිවරයා ජුනි 30 දා විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු පද්ධතියට බලපෑමක් නොවන්නේ නම් මෙම බැංකු නිවාඩු පැනවීමේ හේතුව කුමක්දැයි ප්‍රශ්න කරන බවත් හෙතෙම කියා සිටියේය.

නීතිඥ සුනිල් වටගල මහතා විසින් අතුරු තහනම් නියෝගය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කළ අතර එම අවස්ථාවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment