එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වතුරේ

427


කොළඹ වරායට නුදුරින් 2021 වසරේ මයි 20 වැනි දින ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර දූෂණයට සිදුකළ අති මහත් විනාශයට අදාළ ඩොලර් බිලියන 6.4 ක වන්දි නඩුව අද සිට තවත් දින 29 ක් ඇතුළත අධිකරණය හමුවේ ගොනු නොකළහොත් සම්පුර්ණ වන්දියම රටට අහිමි වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

මෙසේ අවදාමට ලක්ව තිබෙන වන්දි මුදල කොන්දේසි සහිතව අයිඑම්එෆ් ආයතනය මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන් 3 මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලකි.
සිගප්පුරුවේ එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමට අයත් ගිලී ගියඑක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුවූ සමුද්‍ර දූෂණය එතෙක් මෙතෙක් ලෝකයේ සිදුවූ විශාලතම රාසයනික දූෂණ නාවික අනතුර ලෙස සැලකේ. එම විනාශය ඩොලර් බිලියන 10 ඉක්මවා යන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
නැවට වන්දි ලබාගැනීම සඳහා උදාවී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ උපදේශක සහ ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ද අර්ත් ජාත්‍යන්තර සංවිධානයේ සභාපති හේමන්ත විතානගේ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ අදාළ රාජකාරී භාර නිලධාරීන්ගේ හා දේශපාලකයින්ගේ නිද්‍රා ශීලී බව නිසා මෙන්ම හිතා මතා සිදුකරන නොසලකා හැරීම නිසා නැවට අදාළ වන්දි නඩුව විසිවී යාමේ විශාල අවදානමකට දැන් රට පත්ව ඇති බවයි.
මේ නිසා අති විශාල ආර්ථික පාඩුවක් මෙන්ම අති විශාල සමුද්‍ර දූෂණයක් අවසානයේ අපට ඉතිරිවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ”‍එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිසර දූෂණය හා එහි වන්දිය අනතුරේ”‍ මැයෙන් ඉකුත්දා පැවති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්වලට වැඩිමනත් දිවයින කළ විමසුමකට පිළිතුරු ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment