ඔත්තුව පත්තු වුණ රත්තරන් මන්ත්‍රීගේ රේගු ගෝලයන් සොයයි

811

තුන් ගුණයක් දඩ නොගහපු හේතුව රේගුව කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මන්ත්‍රීවරයා රත්තරන් කිලෝ තුනක් හා ජංගම දුරකථන තොගක් නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියට රේගු නිලධාරීන්ගේ සහයක් ලැබී ඇත්නම් එම නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්‍ෂ සුදත් ද සිල්වා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම ඔත්තුවක් මත සිදුවී ඇති බවත් කොළඹින් ගිය නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයා සමග තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් ඒ මහතා කීය.

තහනම් භාණ්ඩ සමග යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී එම භාණ්ඩවල වටිනාකම මෙන් තුන්ගුණයක දඩයක් නියම කළ හැකි බව රේගු නීතියේ සඳහන් කර ඇතත් එම නීතියේම යම් දඩයක් නියම කිරීමේ දී අදාළ පුද්ගලයාට එය ගෙවාගත හැකි අයුරින් සිදු කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති බවද ඒ මහතා කීය.

මෙම නීති සකස් කිරීම ව්‍යාපාරිකයින් ඉලක්ක කර සිදුකර ඇති බවත් දඩය නියම කිරීමේදී ව්‍යාපරිකයාට සිය ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි ආකාරයෙන් දඩය නියම කරන බවත් එම ව්‍යාපාරිකයාට දඩය ගෙවාගත නොහැකිව ව්‍යාපාරය වසාදැමීමට සිදුවුවහොත් රජයට විශාල බදු මුදලක් අහිමිවන නිසා නීතියෙන් සහන සැලසිය හැකි අයුරින් සකස් කර ඇති බවත් සිල්වා මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment