ඔන්මැක්ස් ඩී.ටී 5 දෙනා 16 දා තෙක් රිමාන්ඩ්

107

පාස්පෝට් හා දුරකථනත් ගනියි

පිරමීඩ ආකාරයේ මූල්‍ය ජාවාරමක් සිදු කළේ යැයි චෝදනා කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ඔන්මැක්ස් ඩී. ටී. ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් පස්දෙනා ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (3 දා) පස්වරුවේ නියෝග කළේය.

එම සැකකරුවන් සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක් බවත් විමර්ශන අවසන් වී නොමැති බැවින් ඇප ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරුද්දත්වය දක්වන බවත් පවසමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් එම නියෝගය නිකුත් කළේය. විමර්න අවසන් නොමැති මුල් අවස්ථාවේදී එම සැකකරුවන් ඇප මත මුදාහළහොත් යුක්තිය ඉටුකිරීමේ කාර්යයට අන්‍යාකාරයෙන් බාධා සිදුවිය හැකි බව තම අධිකරණයට පෙනී යන්නේ යැයිද විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දෙමින් ඇප ඉල්ලිම ප්‍රතික්‍ෂේප කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසටත් ඔවුන් භාවිත කළ ජංගම දුරකථන විමර්ශන භාර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා වෙත භාරදෙන ලෙසටත් සැකකරුවන්ට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment