ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක කොරල් පරය විනාශ වෙමින් පවතින බවට වාර්තා  

433

මුහුදේ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ලොව ප‍්‍රකට ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක කොරල් පර්වතය (ගේ‍්‍රට් බැරියර් රීෆ්) විනාශ වෙමින් පවතින බව වාර්තා වී ඇත. ගත වූ වසර හයක කාලය තුළදී මෙම කොරල් පරය විනාශ වීමට ලක් වූ සිවුවැනි අවස්ථාව මෙය සේ සැලකේ. මෙම මාසය තුළ මහා බාධක කොරල් පරය බොහෝ කොටස්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ක් දක්වා ඉහළ ගොස් තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

ඔස්ටේ‍්‍රලියානු විද්‍යාඥයෝ පෙන්වා දෙනුයේ ඔස්ටේ‍්‍රලියාවේ ඊසාන දිග මුහුදු තීරයේ කිලෝ මීටර් 2300ක දුර ප‍්‍රමාණයක පැතිර පවතින මෙම කොරල් පරය රැක ගැනීමට නම් දේශගුණික විපර්යාසයන් අවම කිරීම සඳහා ලෝක බලවතුන් විසින් කඩිනම් ක‍්‍රියාමාර්ග ගතයුතු බවයි .

advertistmentadvertistment
advertistmentadvertistment