යුක්රේනයේ සිවිල් වැසියන් රුසියානු හමුදා අත්අඩංගුවට පත් වීම ඉහළට

519

අතුරුදන් කරවීම සඳහා රුසියානු හමුදාවන් විසින් යුක්රේන ජාතිකයන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශ කර තිබේ.

දැනට යුක්රේනයේ රුසියානු හමුදාවන් විසින් අත්පත් කරගෙන ඇති ප‍්‍රදේශවල යුක්රේන ජාතිකයන් 36 දෙනෙකු මේ අයුරින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන බව වාර්තා වී ඇති බව පවසන එම සංවිධානය එසේ රුසියානු හමුදාවන්ගේ අත්අඩංගුවට පත් වූවන් සම්බන්ධ තොරතුරු හෙළි කිරීම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව සඳහන් කර ඇත. තමන් විසින් අත්පත් කරගෙන ඇති නගරවල බලය රැකගැනීම සඳහා දැඩි අරගලයක යෙදී සිටින රුසියානු හමුදාවන් විසින් මෙසේ සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීම් හා පැහැරගැනීම් වැඩි වීම සම්බන්ධයෙන් තමන් දැඩි බියකින් පසුවන බව යුක්රේන ජාතිකයෝ පවසා තිබේ. මේ අතර රුසියානු හමුදාවන් විසින් අත්පත් කරගත් යුක්රේනයේ අගනුවර වන කිව් නගරයේ බොහෝ ප‍්‍රදේශ නැවත සියතට ගැනීමට යුක්රේන හමුදාවන්ට හැකි වී ඇති බව එංගලන්ත ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment