කතරගම පාසල් තුනකට වෙන දේ

342


ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය හේතුවෙන් ලබන 19 වනදා සිට ජූලි 04 වනදා දක්වා කතරගම පාසල් තුනක් වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, සහ දෙටගමුව විදුහල, පොලීසිය වෙත භාරදීමට නියමිත බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.

පෙරහැර මංගල්‍යය සඳහා විශේෂ රාජකාරියට පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment