පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගේ නව විමර්ශන සභා කතෝලික සභාව ප්‍රතික්ෂේප කරයි

130

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වලට අදාළව නව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි. මේ සම්බන්ධයෙන් මීට පෙර ද විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ පාර්ලිමේන්තු තේරීම් කමිටූවක් පත් කළද ඉන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලද බවද සඳහන් කරයි.ඒවා පත්කරනු ලැබූවේද වත්මන් ජනාධිපතිවරයා අගමැතිව සිටි කාලයේ බවද පෙන්වා දෙයි. එබැවින් විනිවිද භාවයෙන් යුතු ස්වාධීන විමර්ශනයද ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක අධීක්ෂණය හා නිරීක්ෂණය යටතේ සිදු විය යුතු බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment