සිසුන් මත් කරන්න ගිය අයට වැඩ වරදී

419


කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කල වැටලීමකදී උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කල පුද්ගලයකු ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී පොලිතින් මල්ල පරීක්ෂා කිරීමේදී එහි තිබූ මත්කරල් 1010 ක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි

එම මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති බවත් එම කරල් මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සදහන් කර ඇති බව පොලිසිය කීය.

කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති’ බව පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment