කලින් ආදරය නැවතුන හින්දා ඒ ගැන හිතන්නේම නැහැ – චමෝද් ඩියොන්

78

මම කැමති චරිතාංග නළුවෙක් වෙන්න

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ, “බිනර”ගේ චරිතයට පණ පොවන ඔහු නමින් චමෝද් ඩියෝන්. හඬ කැවීම් ශිල්පියෙක් ලෙසින් කලා ක්ෂේත්‍රයට පිවිස දක්ෂතා සපිරි චමෝද්ගේ රංගන ජීවිතය පිළිබඳව මීවිත සමග සුහද කතාබහකට මුල පිරුවේ මෙලෙසිනි.

● චමෝද් මේ දවස්වල මොනවද අලුත් වැඩ කටයුතු?

මේ දවස්වල සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. ඒත් එක්කම ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන කාටූන්වල හඬ කැවීම් කටයුතුත් කරනවා.

කලින් ආදරය නැවතුන හින්දා ඒ ගැන හිතන්නේම නැහැ - චමෝද් ඩියොන්

● “සැලෙනා නුවන්” ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?

ටෙලි නාට්‍යයේ, බිනරගේ චරිතයට මට කතා කළේ, අදා සූරියබණ්ඩාර සහ අධ්‍යක්ෂක ප්‍රියන්ත අයියා. ඒ දෙපලට ස්තූති කරන්න ඕනේ මට ලබා දෙන සහයෝගයට. මොකද අපි කැමති විදිහට අපේ චරිතය හදාගෙන රඟපෑම් කටයුතු කරගෙන යන්න උපරිම නිදහස දීලා තියෙනවා. ඒක නිසා මගේ චරිතය කරගෙන යන්න මට හරිම පහසුයි.

● ඔබේ අතීතය ගැන මතක් කළොත්?

2014 වසරේ තමයි මම කොළඹට එන්නේ. ඒ රඟපාන්න තියෙන ආසාව නිසාමයි. හැබැයි යන්න ඕන ච්එය එකක් ගැන දැනගෙන හිටියෙ නැහැ. මුල් කාලයේ ඉතින් ගීතවල රූප රචනාවලට රංගනයෙන් දායක වුණා. එහෙම ටික ටික ඉස්සරහට ඇවිල්ලා 2018 සිරස නාලිකාවෙ විකාශනය වූ සිරස ෆිල්ම් ස්ටාර් තරගාවලියට ඉදිරිපත් වුණා. මගෙ නංගි තමයි ඇප්ලයි කරලා තිබුණේ. මොකද ගෙදරින් දන්නවා මම රංගනයට කොයිතරම් කැමැතිද කියලා. ඉතින් ිසර්ි් සෙකප ිඒර අවසන් පස්දෙනා අතරට ඇවිල්ලා ඉැිඑ ඩසකක්සබ දf ිසර්ි් සෙකප ිඒර සම්මානය දිනා ගත්තා. ඊට පස්සේ තමයි ටික ටික ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

● පවුලේ විස්තර එහෙම?

මම පාසල් ගියේ මාතර රාහුල විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, නංගිලා දෙන්නා සහ ආච්චි. අම්මයි, තාත්තයි සෑහෙන ලොකු සහයෝගයක් දෙනවා මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න.

● මෙතෙක් රංගනයෙන් දායක වුණු නිර්මාණ?

මම රංගන ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වුණේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ රනිල් අයියා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයෙන්. එතනින් පස්සේ තමයි මට ජනප්‍රිය නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණේ. වෙස්, හේලි, බ්‍රෝ, හදවතේ කතාව, අඳුන්ගිර, ගරුඬ මූර්තය සහ සූර්ය වංශය යන ටෙලි නාට්‍යවලට සහ තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම මම රංගනයෙන් දායක වුණා.

● ඒ අතරින් වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු චරිතය මොකක්ද ?

මම කරපු හැම නාට්‍යයකම චරිත ගොඩක් කතාබහට ලක් වුණා. මගේ වාසනාවකට මට ලැබුණු චරිත ප්‍රධාන චරිත වුණා. ඉතිං ඒකත් එක්ක ඒ කාල පරාසයන් තුළ ප්‍රේක්ෂකයින්ගේ කතාබහට ලක් වුණා. ඒ අතරින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ, වෙස් ටෙලි නාට්‍යයට සහ මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන සැලෙනා නුවන් නාට්‍යයේ “බිනර”ගේ චරිතයට.

● චමෝද් කැමති ජනප්‍රිය නළුවෙක් වෙන්න ද ?

ඇත්තටම නැහැ. මම ගොඩක් කැමති චරිතාංග නළුවෙක් විදිහට ඉස්සරහට යන්න. ජනප්‍රිය නළුවෙක්ට වඩා මම ආස කරන්නේ, චරිතාංග නළුවෙක් වෙන්න. මොකද මම දැනටමත් ඒ සම්බන්ධව රංගනය ඉගෙන ගන්නවා සහ දේවල් සොයනවා. අද තාක්ෂණය දියුණු නිසා යූටියුබ් එකෙන් පිටරටවල කරන දේශන අරගෙන මම ඒවත් නරඹලා රංගනය ඉගෙන ගන්නවා.

● අලුත් නිර්මාණ වලටත් ආරාධනා ලැබුණද?

ඔව්. සිනමා නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. තාම ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. තව ටෙලිනාට්‍ය දෙකකින් ආරාධනාවක් ලැබිලා තියෙනවා. තාම එකේ වැඩ පටන් ගත්තේ නැහැ.

● රඟපෑම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?

පොඩි කාලේ ඉඳලම මම කැමැතියි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ නිරූපණ කලා හවුලේ, තාරුක පුෂ්මකුමාර සර්ව. මොකද එතැනින් තමයි මට පන්නරයක් ලැබෙන්නේ සහ තාරුක සර් නිසා තමයි අද මම මෙතැන ඉන්නෙ.

● වැඩිපුරම කැමැති මොන වගේ චරිතවලටද?

මෙහෙමයි, මම එහෙම චරිත වෙන් කරන්නෙත් නැහැ. මට ලැබෙන ඕනෑම චරිතයක් කළු, සුදු හෝ අළු චරිත වේවා අභියෝගයක් විදිහට මම භාරගන්නවා. ඒ භාර අරගෙන මම ඒ චරිතය ගැන හොයලා, මම ඉගෙන ගත්ත දේත් එකකු කරලා ඒ චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරනවා.

● ප්‍රවීණයන්ගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

මට මුණගැසුණු බහුතරයක් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් හොඳ අත හිතක් ලැබුණා. ගොඩක් අය කියන්නේ, ප්‍රවීණයන් නවකයන්ට උදව් කරන්නේ නැහැ කියලා. නමුත් මම මේ වෙනකම් වැඩ කරලා තියන කිසිම රංගන ශිල්පියෙක්, ශිල්පිණියක් කවදාවත් එහෙම වෙනසක් කරල නැහැ. මගේ වැරදි අඩුපාඩු තිබුණොත් පෙන්නලා දෙනවා. ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගෙන්, ශිල්පිණියන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා.

● චමෝද් ආදරවන්තයෙක්ද?

මේ මොහොතේ ආදරවන්තයෙක් නෙවෙයි. කලින් ආදරයක් තිබුණා. ඒක නැවතුණා. මම දැන් මගේ පාඩුවේ වැඩක් කරගෙන යනවා. ඉදිරියේදී මට ගැළපෙනවා කියලා හිතුනොතින් ආදර සම්බන්ධයක් පටන් ගනී. ඒ නිසාම මම වැඩිය දැනට, ඒ ගැන හිතන්නේ නැහැ.

● අනාගත බලාපොරොත්තුවක් ඇති?

මේ මොහොතේ නම් තියෙන්නේ ලංකාවේ ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පියෙක් වීමයි. ඒ වගේම ඉදිරියේදී ලංකාවේ සම්මාන උළෙලක හොඳම නළුවා සම්මානයක් ලබා ගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව සහ හීනය වෙන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment