කිරිපිටි – යෝගට් කිරි පැකට් මිල ඉහළට

103

ආනයනික කිරිපිටි, යෝගට් සහ කිරි පැකට් මිල ඉහළ දමා තිබේ.

යෝගට් මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 70 ක්ව පැවති යෝගට් එකක මිල රුපියල් 80 දක්වා වැඩි කර තිබේ.

එළකිරි (ෆෙෂ් මිල්ක්) පැකට්ටුවක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 160 ක්ව පැවති එළකිරි පැකට්ටුවක මිල රුපියල් 200 දක්වා ඉහළ දමා තිබේ.

එසේම කිරි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර රුපියල් 80 කට පැවති කිරි පැකට්ටුවක නව මිල රුපියල් 100 කි.

එමෙන්ම කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරන ලද කිරිවල මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 120 කට පැවති මෙම පෙට්ටිවල අසුරන ලද කිරිවල මිල රුපියල් 140 දක්වා ඉහළ නංවා තිබේ.

මේ අතර ආනයනික කිරිපිටි මිල මෙම සතියේ සිට ඉහළ දමා ඇති බව එම සංගමයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 30 කින් ඉහළ නංවන බවත්, කිලෝග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75 කින් ඉහළ නංවන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

කිරිපිටි, යෝගට්, කිරි පැකට් මිල ඉහළ නැංවීම ඉතා අසාධාරණ බවට පාරිභෝගික ජනතාව චෝදනා කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment