කෙහෙළියගේ කාලයේ ගෙන්වූ ඖෂධ 38ක් කටුනායක හිරවෙලා – වෛද්‍ය චමල් සංජීව

563

ජනාධිපති නිර්දේශ උල්ලංඝනය කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේ රටට ගෙනා තවත් ඖෂධ තිස්අටක් (38ක්) කටුනායක ගුවන්තොටුපළේ තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ප්‍රශ්න ගත ඉමියුනොගොලොබියුලින් ගනුදෙනුව සිදුවන සමයේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වන ලද මෙම ඖෂධ 38කට ආසන්න ප්‍රමාණය වසරක් තිස්සේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ රඳවා තිබෙන බවද ඒ මහතා කීය.

මෙම ඖෂධ ගුණාත්මක භාවය පරීක්‍ෂා කිරීමකින් තොරව මෙරටට ගෙන්වන ලද බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම නිසා එම ඖෂධ මෙරට සෞඛ්‍ය පද්ධතියට එකතු කිරීම අතුරු තහනම් නියෝගයක් මගින් අත්හිටුවා ඇතැයි ද වෛද්‍ය සංජීව මහතා පවසයි.

මෙම ගනුදෙනුව සිදුවන සමයේ සිටි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ප්‍රමාණවත් සාක්‍ෂි ඇත්නම් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment