කොමර්ෂල් බැංකුවට ඉන්දියානු වාණිජ මණ්ඩලයෙන් සම්මාන හයක්

24
කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය, මිතිලා ශාමිනී මහත්මිය බැංකුව වෙනුවෙන් සම්මානයක් ලබාගන්නා අයුරු.

ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce) පසුගියදා කොමර්ෂල් බැංකුව වෙත ගෞරවනීය සම්මාන හයක් පිරිනැමූ අතර බැංකුවේ දේශීය මෙහෙයුම් සඳහා සම්මාන දෙකක් සහ බැංකුවේ බංගලාදේශයේ මෙහෙයුම් සඳහා සම්මාන හතරක් ඒ අතර විය.

කොමර්ෂල් බැංකුවට ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ට හිමි සම්මානය සහ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ යන සම්මානය ද ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් ප්‍රදානය කරනු ලැබීය. එසේම ‘වත්කම් ගුණාත්මකභාවය පිළිබඳ හොඳම කාර්ය සාධනය,’ ‘වර්ධනය මත හොඳම කාර්ය සාධනය,’ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ සහ ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා බංගලාදේශයේ කොමර්ෂල් බැංකුව වෙත සම්මාන පිරිනමන ලදී.

ජූලි මාසයේ ඉන්දියාවේ ගෝවාහිදී පැවති ඉන්දියානු වාණිජ මණ්ඩලයේ, ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී මෙම සම්මාන පිරිනමනු ලැබීය.

ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුවට ලබාදී ඇති පිළිගැනීම ගැන අදහස් දක්වමින් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා මෙසේ පවසා සිටියේය. ‘බිම්ස්ටෙක් රටවල බැංකු මුහුණ දෙන අභියෝග මෙන්ම,ගනුදෙනුකරුවන්ගේ සහ නියාමකයින්ගේ අපේක්‍ෂාවන් බොහෝ සමානය. මේ නිසා, කලාපීය බැංකු ක්‍ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්වීම විශේෂ වටිනාකමක් ඇති අතර, ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව සඳහා වන සම්මානය මෙන්ම ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ අපගේ මෙහෙයුම් සඳහා හොඳම කාර්ය සාධන සම්මාන පහක් දිනා ගැනීමට ලැබීම ගැනද අපි අතිශයින්ම සතුටු වෙමු.’

advertistmentadvertistment
advertistmentadvertistment