සෙලාන් වාර්ෂික විකුනුම් සම්මාන [2022] උළෙලේදී විශිෂ්ටයින් ඇගයීමට ලක්කෙරේ

47

ශ්‍රී ලාංකේය බැංකුකරණ සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ විකුණුම් අංශය සතු ශක්තිය ඔප්නැංවීමටත්, විකුණුම් අංශය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමටත් තමන් දක්වන කැපවීම මනාව පිළිබිඹු කරමින් සෙලාන් බැංකුව, අඛණ්ඩව 6 වන වරටත් ‘සෙලාන් වාර්ෂික විකුණුම් සම්මාන 2022’ සම්මාන උළෙල පසුගියදා සංවිධාන කළේය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී, බැංකුවේ විකුණුම් කණ්ඩායම් සහ සබඳතා නිලධාරීන්ගේ නොසැලෙන කැපවීම සහ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කෙරිණි.

Greater Together තේමාව යටතේ සංවිධාන කෙරුණු මෙවර සම්මාන උළෙල සඳහා සමස්ත සමූහය නියෝජනය කරමින් සෘජු විකුණුම් කණ්ඩායම සහ සබඳතා නිලධාරීන් ඇතුළු ඉදිරිපෙළ කාර්යමණ්ඩල සාමාජිකයෝ සහභාගී වූ අතර, එහිදී සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම තුළින් විකුණුම් අංශය ශක්තිමත් කිරීමේ අගය අවධාරණය කෙරිණි. අභියෝග ජයගැනීම, අසමසම ප්‍රතිඵල අත්කර ගැනීම සහ ශක්තිමත් විකුණුම් කණ්ඩායමක් ගොඩනැගීම කෙරෙහි සෙලාන් බැංකුව තබා ඇති විශ්වාසය මෙවර සම්මාන උළෙලේදී පිළිබිඹු විය. සෙලාන් බැංකු ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කිරීම සඳහා විකුණුම් කණ්ඩායම් දැක්වූ දායකත්වය ද කැපී පෙනෙයි.

“අපගේ ඉලක්ක ජය ගැනීමටත්, මෙරට බැංකුකරණ සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ මිනුම් ලකුණක් ලෙස අපගේ නාමය වඩාත් සවිමත්ව ස්ථාපනය කිරීමටත් විකුණුම් කණ්ඩායම් සහ සබඳතා නිලධාරීන් දක්වන අසමසම කැපවීම නිරන්තරයෙන් හේතු වී තිබෙනවා. අද දින සම්මානයට පාත්‍ර වූ සියලු සම්මාන ලාභීන් පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක්කරන අතර, වසර පුරා ඔවුන් විදහා පෑ සුවිශේෂී කාර්යසාධනය ඇගයුමට ලක් කිරීමට මෙය අවස්ථාවක්කර ගන්නවා. පසුගිය වසර පුරා මුහුණ දීමට සිදුවූ අභියෝග කිසිවකට, ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය බිඳ හෙළීමට නොහැකි වුණා. අපගේ කුසලතාපූර්ණ කාර්යමණ්ඩල සාමාජිකයින් නිසාම, එළඹෙන වසරේදී තවත් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – අලෙවි සහ විකුණුම්, ගාමික ද සිල්වා මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment