රට යවන ඒජන්සි 13ක් අහෝසි කරයි

239


වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර ඇත.
සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව, විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතනයන්, කාර්යාංශය සමග ඇති කර ගන්නා ලද ගිවිසුම් කඩ කිරීමක්ද සිදුකර ඇති බැවින් එයට අදාළව අවශ්‍ය නිතිමය ක්‍රියාමාර්ග කාර්යාංශය විසින් ගැනීමෙන් පසු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම බලපත්‍ර අහෝසි කර තිබේ.
අධිකරණයෙන් වරදකරුවන්වීම හා අධිකරණය මගහැරීමටද අදාල ආයතනයන්හි හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට ලබාදී තිබූ කාර්යාංශ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කාර්යාංශය කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment