කොරියානු රැකියා වංචාවක යෙදුනු කතක් අත්අඩංගුවට

235

දකුණු කොරියාවේ කාර්මික රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 160 කට අධික මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයට එරෙහිව පැමිණිලි විස්සකට ආසන්න සංඛ්‍යාවක් ලැබූ තිබුණු බවත් සැකකාරිය පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා මුදල් ලබා ගෙන ඇතැයි එම පැමිණිලි වල සඳහන් වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කීය.

advertistmentadvertistment
advertistmentadvertistment