කෝටි 9500ක් පාඩු කරන හදිසි විදුලි මිලදී ගැනීම්වලට ලංවිම යන්න හදනවා – ඒකක 60 ට අඩුවෙන් පාවිච්චි කරන අයගේ විදුලි බිල රු. 1000කින් විතර වැඩිවන යෝජනාත් ගෙනත්

258

– විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

වසර තුනකදී කෝටි නවදහස් පන්සියයක් පාඩුවන හදිසි විදුලි මිලදී ගැනීමේ ගිවිසුම් දීර්ඝ කිරීමට විදුලිබල මණ්ඩල බලධාරීන් ක‍්‍රියා කරමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (6 දා) පැවසීය.

ඔහු එසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. ඒ මහතා එහිදී මෙසේ ද පැවසීය.

‘‘රටේ ඞීසල් අර්බුදයක් තියෙන අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීමට ඉංජිනේරු සංගමයේ සහාය ඇතිව සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කරන බව

දැනගන්නට ලැබුණා. විදුලිබල පනත උල්ලංඝනය කරමින් ටෙන්ඩර් පටිපාටියට පරිභාහිරව ගජමිතුරු සමාගම් සමඟ එකතුව නැවත ගිවිසුම් අලූත් කිරීමකට මෙසේ තැත් කරනවා.

මෙම ගිවිසුම් නැවත දීර්ඝ කිරීමෙන් වසර තුනකදී මණ්ඩලයට කෝටි 9500 ක් පාඩු සිදුවේවි. මෙම ගිවිසුම් හදලා තිබෙන්නේ ලීසිං වාහනයක් ගත්තා වගේ. අපි ලීසිං වාහනයක් ගතහොත් ඒ සඳහා ගෙවිය යුතු වාරික මුදල් වාහනය දිව්වත් නොදීව්වත් ගෙවිය යුතු සේම මේ සඳහා ‘කැපෑසිටි චාජර්ස්‘ (ජ්ච්ජසඑහ ජය්රටැි* මසකට ලක්ෂ 900 ක් පමණ ගෙවිය යුතුයි. විදුලිබල මණ්ඩලය විදුලිබිල වැඩි කිරීමේ සූදානමකුත් ඉන්නවා. ඒ බව පෙරේදා දිනයේදී මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතාද රජයට යෝජනා කර ඇති බව ප‍්‍රකාශ කළා.

ඒ වගේම උපයෝගිතා කොමිෂන් සභාව දැනුවත් කරල තියනවා ඒකකයට රුපියල් තිහක් වියදම් වන බව. මේ කියන්නේ ඒකක හැටට අඩුවෙන් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ට දෙකයි පනහට දෙන ඒකකයකට රුපියල් තිහක් වැය වෙන බවයි. මේ අනුව මිල වැඩි කිරීමක් සිදුකළ හොත් ඒකක හැටට අඩුවෙන් පාවිච්චි කරන සමෘද්ධිලාභියෙකුගේ බිල රුපියල් 1000 කින් පමණ වැඩිවේවි. විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවයට පාරිභෝගිකයා වගකිව යුතු නැතැයි අප සංගමය කියා සිටිනවා. එනිසා අප සංගමය නැවත නැවතත් යෝජනා කරන්නේ අධික මිලට ඞීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා වෙනුවට රජයේ ප‍්‍රතිපත්ති මාලාව අනුව පුනර්ජනනීය බලශක්තියට යොමුවිය යුතුයි කියලයි. විදුලිය මිලදී ගැනීම්වලට යොමු වුවහොත් අපි නඩු මඟට බහිනවා. ඒ වගේම තමයි විදුලි බිල වැඩි නොකරන්න අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment