ගංවතුරෙන් පීඩාවට පත් මාතර ජනතාවට සහන දෙන්න – ජනපතිගෙන් දිසාපතිට උපදෙස්

37

අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

එසේම ඉදිරියේදී ගංවතුර තත්ත්වය ඉහළ යෑමක් සිදුවුව හොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දුන්නේය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment