ගම්පොලදී ත්‍රිරෝද රියක් ගිනි ගනී

121

ගම්පොළ නගරයේ නාවලපිටිය මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් රෝහල ආසන්නයේ දී ඊයේ රාත්‍රියේ දී හදිසියේ ගිනි ගැනීමෙන් එය සම්පූර්ණයෙන් දැවී විනාශ වී ගියේය.

ගම්පොල මිල්ලගහමුල ප්‍රදේශයේ එකම පවුලේ සැමියා බිරිඳ හා දරුවන් මෙහි ගමන් කර තිබුණි.

ගම්පොලදී ත්‍රිරෝද රියක් ගිනි ගනී

ඒ ආසන්නයේ තිබූ ඉන්ධන හලකින් ඉන්ධන ද ලබාගෙන මීටර් 50ක් පමණ ඉදිරියට යමින් සිටියදී මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර අවට පිරිස් එක්ව එම ගින්න මැඬලීමට උත්සහ ගත්තද ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන් දැවී විනාශ වී ගියේය.

ගම්පොල නගර සභාව තුළ හෝ ගිනි නිවීමේ ඒකකයක් නොමැතිකමින් ගම්පොල සිදුවන ගිනි ගැනීම්වලින් මහා විනාශයන් සිදුවන බව ජනතාව පවසති.

පසුගිය මාස කීපය තුළ පමණක් මෙම මාර්ගයේ මේ ආකාරයට ත්‍රිරෝද රථ 5ක් පමණ ගිනි ගනු ලැබීය.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment