ගරාජයට ඇද්ද තාවකාලික විදුලි රැහැන පුතාට මරු කැඳවයි : පියාටත් බරපතළයි

198

කඨින චීවරය නිවසට වැඩම කිරීම සඳහා නිවස පිළිසකර කරමින් සිටි පියෙකුට සහ පුතෙකුට අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලිසර වැදී ඇති බව පූනෑව පොලිසිය කියයි.

එම අනතුරින් මහකෝන්ගස්කඩ ගම්මානයේ පදිංචි 19 හැවිරිදි දිල්ෂාන් ප්‍රමෝද් චතුරංග නමැති තරුණයා මියගොස් ඇත.

කඨින චීවරය නිවසට වැඩම කිරීම සඳහා පවතින වර්ෂාව බලපෑමක් වේවි යැයි යන අරමුණින් පෙරේදා (13 දා) රාත්‍රී 11.30 ට පමණ පියා සහ පුතා නිවස ඉදිරිපිට ප්‍රධාන දොරටුව වර්ෂා ජලයෙන් ආවරණය වන පරිදි තහඩු

උපයෝගී කර ගනිමින් පැළල්ලක් බැඳ ඇත. නිවසට යාබදව තිබූ ගරාජයට මෙම ගෙහිමියන් විසින් තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැනක් එම තහඩු පැළල්ල ආසන්නයේ ඇද තිබුණ අතර එම වයරය මීයන් විසින් සපා කා පළුදු වී තිබූ ස්ථානයක් මෙම තහඩු පැළල්ලේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

එහිදී පළමුව පියාට විදුලිසැර වැදී බිම වැටී ඇති අතර අනතුරුව පුතාටද විදුලිසර වැදී ඇත. එම අවස්ථාවේ තරුණයා බිම වැටී නැවත නැගිට ඇති අතර අනතුරුව නැවතත් වීසිවී ගොස් නිවසේ බිත්තිය මත හිස වැදී මියගොස් ඇති බව පූනෑව පොලිසිය පැවැසීය. වැඩිදුර පරීක්ෂණ පූනෑව පොලිසිය සිදු කරයි.

මැදවච්චිය – ගයාන් සහ අනුරාධපුර – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment