ජනාධිපති ලේකම් සමන් ඒකනායකාග් නිවසට ඇතුළු වූ පුද්ගලයෙක් අත්අඩංගුවට

427

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර පිංවත්ත ප්‍රදේශයේ ඇති පුද්ගලික නිවසට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයකු පානදුර පිංවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයා ඊයේ (30දා) දහවල් 12.30 පමණ එම මහතාගේ නිවස ඇති වත්තට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වී ඇති අතර ආරක්ෂාව සඳහා යොදා සිටි පොලිස් නිලධාරි මහතා එම පුද්ගලයා ඇතුල්වීම දැක ඔහුව අල්ලා ගැනීම සඳහා වහා ක්‍රියාත්මක වී ඇති අතර එහිදී දෙදෙනා අතර පොර බැදීමක් සිදුවී පොලිස් නිලධාරියාගේ ග්‍රහණයෙන් මිදී පලා ගොස් ඇත.

මෙම සිද්ධිය පිළිබඳව පින්වත්ත පොලිසියේ වැඩ බලන චදකසජැ ස්ථානාධිපතිට දුරකථනය මගින් ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරි මහතා දැනුම් දීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ පින්වත්ත පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් දෙකක් සහ යතුරු පැදි හයකින් එම ප්‍රදේශය පුරා වහාම මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එම පුද්ගලයා පින්වත්ත පොලිස් වසමේ කිලෝමීටර් දෙකක් පමණ දුරින් ඇති පින්වත්ත, පුඤ්ඤානන්ද මාවතේ ඇති පාළු නිවසක සැඟවී සිටියදී සොයා ගැනීමට හැකි වී ඇත. මෙම පුද්ගලයා වයස අවුරුදු 25 පුද්ගලයකු වන අතර ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පෙදරේරු රැකියාවේ යෙදී සිටින දැඩිව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මේ වන විට එම පුද්ගලයා පින්වත්ත පොලිස් භාරයේ පසුවන අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අසංග ප්‍රනාන්දු – මොරටුව

advertistmentadvertistment
advertistmentadvertistment