ගැස්ට්‍රයිටීස් සමග මතුවන වෙනත් රෝගාබාධ

785

අපගේ සිරුරට පෝෂණය ලැබෙන්නේ අප ගනු ලබන ආහාර පානවලිනි. එම ආහාර පාන කෙතරම් පෝෂ්‍යදායී වුව ද එය නිසි ලෙස ශරීරයට උරා ගනු ලබන්නේ නැත්නම් ඵලක් නැත.

නිතර බඩ පුරවා දැමීම, ආහාර අරුචිය ඇති වනවිට අප බොහෝ දෙනා පවසන්නේ ගැස්ට්‍රයිටීස් රෝගය හටගෙන ඇති බව ය. ගැස්ට්‍රයිටීස් හෙවත් ආම විෂ තත්ත්වයක් හටගැනීම යනු එක් රෝගයක් නොව, රෝග රැසකට බලපාන රෝග ලක්ෂණයක් බව ඔබ නොසිතන්නට ඇත.

වර්තමානයේ අපට බහුලව අසන්නට ලැබෙන අක්මාවේ මේදය තැන්පත් වීම, සිරෝසිස් හටගැනීම, හෘද රෝග මතු වීම, වකුගඩු රෝග, ආතරයිටීස් රෝග ආදී රෝග රැසකට මෙම ආම විෂ තත්ත්වය බලපා ඇති බව හඳුනාගෙන ඇත.

අපගේ සිරුරට පෝෂණය ලැබෙන්නේ අප ගනු ලබන ආහාර පානවලිනි. එම ආහාර පාන කෙතරම් පෝෂ්‍යදායී වුව ද එය නිසි ලෙස ශරීරයට උරා ගනු ලබන්නේ නැත්නම් ඵලක් නැත.

නීරෝගී පුද්ගලයකු ලෙස ජීවත් වීම සඳහා අප ගනු ලබන ආහාර ආමාශයට පැමිණි විට අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය ආදී ඉන්ද්‍රියන්ගෙන් ශ්‍රාවය වන එන්සයිම ඇතුළු එන්සයිම වර්ග රැසකින් ආහාර ජීර්ණයට පත් කරයි. එසේ ආහාර ජීර්ණය වීමේදී ඒවායේ ඇති රස කොටස් රුධිරයට උරා ගනු ලබයි.

ඒවා රුධිරය මගින් සිරුර පුරා ගමන් කර අපගේ ශරීරයේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයට උපකාරී වේ.

නමුත් මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවන විට ආහාරයේ ඇති රස කොටස් ශරීරයට උරා ගැනීමට බාධා මතු වේ. එවිට ශරීරයට උරා ගනු ලබන්නේ ආහාර නිසි ලෙස ජීර්ණය වීම නිසා ඇති වූ රස කොටස් නොව, නිසි ලෙස ජීර්ණය නොවීම නිසා හටගත් විෂ කොටස් ය.

මෙම විෂ කොටස් ශරීරයට එක්වීමෙන් සිරුරේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදු වේ. ඒ නිසා අප ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා නිසි ප්‍රතිකාර නොගෙන එය මතු වන අවස්ථාවල දී තාවකාලික ප්‍රතිකාර ලබාගැනීමෙන් සිදුවන්නේ අපගේ සිරුර තුළ රෝග රැසක් හටගැනීම ය.

ගැස්ට්‍රයිටීස් රෝගය සුවකිරීම දේශීය සහ පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර යටතේ ගැස්ට්‍රයිටීස් රෝගය සුව කිරීමට ප්‍රතිකාර කරනු ලබන්නේ මතුව ඇති සියලු රෝග සඳහා ය. එහි දී අප ලබාදෙන ඖෂධවලින් පළමුව සිදුකරනු ලබන්නේ රුධිරය පිරිසිදු කිරීම ය. ඕනෑම පුද්ගලයකුගේ රුධිරය පිරිසිදු කිරීමේ දී පවතින රෝග තත්ත්වයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් සුවපත් වේ. ඉන්පසු ප්‍රතිකාර කළ යුතු වන්නේ රෝගය හටගැනීමට මුල් වූ හේතුව සඳහා ය.

ඒ නිසා මෙම ප්‍රතිකාර මගින් රෝග පාලනයක් නොව රෝගය සම්පූර්ණයෙන් ම සුව කිරීම නිසා ගැස්ට්‍රයිටීස් නිසා මතු වෙමින් පවතින රෝග සියල්ලට සුවයක් ලබාගත හැකි ය.

ඒ සඳහා භාවිත කරන ඖෂධ අතර රස ඖෂධවලින් මෙම රෝග ඉතා ඉක්මනින් සහ සාර්ථකව සුවපත් කළ හැකි ය.

මෙහිදී ගැස්ට්‍රයිටීස් මතුවීමට බලපා ඇති සියලු රෝග සඳහා ප්‍රතිකාර සිදුකරනු ලබයි. එනම් අක්මාව,

අග්න්‍යාසය, පිත්තාශය ආශ්‍රිතව හටගෙන ඇති රෝග කොලෙස්ටරෝල් අධික වීම ආශ්‍රිත රෝග ආදී සියලු රෝග සඳහා ප්‍රතිකාර ලබාදේ.

එවිට අප නිතර පවසන බඩ පුරවා දැමීම, ආහාර අරුචිය ආදී අපහසුතා සුවපත් වේ. මෙලෙස නිසි ප්‍රතිකාර සිදු නො කළහොත් සිදුවන්නේ නිතර නිතර මෙම අපහසුතාවලින් පෙළීම පමණක් නොව සිරුර තුළ රෝග රැසක් හටගැනීම ය.

මෙලෙස ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ දී සිරුරේ මතුව ඇති විෂ සහිත බව පාලනය සඳහා අපට නිතර පානය කළ හැකි ඖෂධීය පාන ද ඇත.

ගොටුකොළ යුෂ, කෝමාරිකා යුෂ, අමු කහ යුෂ, මී පැණි, කරපිංචා කොළ යුෂ මිශ්‍ර කර සකස් කරගත් මෙම ඖෂධීය පාන වර්ග රෝගියාගේ සිරුරේ පවතින විෂ සහිත බව අනුව ඒවායේ මිශ්‍රිත වෙනස් කරමින් ලබාදේ. මෙවැනි පාන වර්ග ද ගනිමින් නිසි ඖෂධ ප්‍රතිකාර ලබාගැනීම තුළ ගැස්ට්‍රයිටීස් රෝගයට බලපා ඇති හේතු සුවපත් කර ගැනීම නිසා අක්මාගත රෝග, පිළිකා, ආතරයිටීස්, හෘදයාබාධ ආදී සියලු රෝග ඇති වීම පාලනය කරගත හැකි ය.

වැඩිදුර තොරතුරු සඳහා 0778985757 ඇමතිය හැකිය.

ගැස්ට්‍රයිටීස් සමග මතුවන වෙනත් රෝගාබාධ

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛද්‍ය ආචාර්ය වෛද්‍ය වජිරජීව සරත් කුමාර
ජීව බල වෙදමැඳුර අංක 46/2/4,නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත

advertistmentadvertistment
advertistmentadvertistment