ගුවන් හමුදා පාපැදි සවාරිය 25 වැනි අදියරයට සූදානම්

83

ශ්‍රී ලංකා ගුවන් හමුදා 73 වැනි සංවත්සරයට සමගාමීව 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන මාර්තු මස 03, 04, 05, 06 සහ 07 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව,

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ‘නිපෝන් පේන්ට්’ ආයතනය දක්වනු ලබන අතර අබාන්ස් පුද්ගලික සමාගම, මැලිබන් පුද්ගලික සමාගම, ලින්ක් නැචුරල් ආයතනය, විජය නිෂ්පාදන ආයතනය, පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය හා මහජන බැංකුව අනෙකුත් අනුග්‍රාහකත්වය දරනු ලබයි.

ජාතික පාපැදි සම්මේලනයේ නීතිරීතිවලට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වනු ලබන මෙම පාපැදි තරගය සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාපැදි තරගකරුවන් 180කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇත.

මීට අමතරව ඉන්දීය තරගකරුවන් කිහිපදෙනෙකුද මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය මාර්තු මස 07 වන දින සවස යාපනය මුටි්‍රවේලි ක්‍රීඩාංගණයේදී ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

පිරිමි පාපැදි සවාරිය පහත දැක්වෙන ආකාරයට තරග පැවැත්වීමට නියමිතය.

2024 මාර්තු මස 03 වැනි දින – කොළඹ සිට මහනුවර දක්වා (කි.මී 104.3)

2024 මාර්තු මස 04 වැනි දින – මහනුවර සිට පොලොන්නරුව දක්වා (කි.මී 137.2)

2024 මාර්තු මස 05 වැනි දින – පොලොන්නරුවේ සිට ත්‍රිකුණාමලය දක්වා (කි.මී 125.7)

2024 මාර්තු මස 06 වැනි දින – ත්‍රිකුණාමලය සිට වව්නියාව දක්වා (කි.මී 139.4)

2024 මාර්තු මස 07 වැනි දින – වව්නියාව සිට යාපනය දක්වා (කි.මී 147.4)

තරගාවලියේ සම්පූර්ණ දුර ප්‍රමාණය කි.මී 654කි.

සමස්ත තරගයේ ජයග්‍රහණ සඳහා ලබාදෙන මුදල් ත්‍යාග මෙසේය.

1 වන ස්ථානය – රු. 500,000.00

2 වන ස්ථානය – රු. 300,000.00

3 වන ස්ථානය – රු. 200,000.00

4 වන ස්ථානය – රු. 125,000.00

5 වන ස්ථානය – රු. 75,000.00

6 වන ස්ථානය – රු. 50,000.00

7 වන ස්ථානය – රු. 40,000.00

8 වන ස්ථානය – රු. 30,000.00

9 හා 10 වන ස්ථාන – රු. 20,000.00 බැගින්

11,12,13,14 හා 15 වන ස්ථාන –

රු. 12,500.00 බැගින්, 16,17,18,19,20,21,22,23,24 හා 25 වන ස්ථාන රු. 7500.00 බැගින්

සමස්ත ස්ප්‍රින්ට් ශූරතාව – රු. 25,000.00

කඳු තරණ ජයග්‍රහණ

සමස්ත කඳු ශූරයා – රු. 25,000.00

අදියර 1 කඳු ශූරයා – රු. 10,000.00

අදියර 1 කඳු ශූරයා – රු. 10,000.00

සමස්ත තරගයේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයා (23න් පහළ)

1 වන ස්ථානය – රු. 40,000.00

2 වන ස්ථානය – රු. 20,000.00

අදියර ත්‍යාග

1 වන ස්ථානය – රු. 25,000.00

2 වන ස්ථානය – රු. 15,000.00

3 වන ස්ථානය – රු. 10,000.00

අදියර ස්ප්‍රින්ට් ශූරතාව – රු. 10,000.00

සමස්ත කණ්ඩායම් ශුරතාව

ජයග්‍රාහි කණ්ඩායම – රු. 200,000.00

අනු ශුරතාවය – රු. 125,000.00

ඊට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 13 වැනි වරටත් පවත්වනු ලබන කාන්තා පාපැදි තරගය මාර්තු මස 07 වන දින – මාන්කුලම් සිට යාපනය දක්වා (කි.මී. 98කි.) පැවැත්වේ.

එම ජයග්‍රාහිකාවන් සඳහා පහත සඳහන් අයුරින් මුදල් ත්‍යාගයන් හිමිවේ.

1 වන ස්ථානය – රු. 125,000.00

2 වන ස්ථානය – රු. 80,000.00

3 වන ස්ථානය – රු. 60,000.00

4 වන ස්ථානය – රු. 40,000.00

5 වන ස්ථානය – රු. 25,000.00

6 වන ස්ථානය – රු. 20,000.00

7 වන ස්ථානය – රු. 15,000.00

8,9 හා 10 වන ස්ථාන – රු. 10,000.00 බැගින්

සමස්ත ස්ප්‍රින්ට් ශූරතාව – රු. 20,000.00

කණ්ඩායම් ශූරතාව

ජයග්‍රාහී කණ්ඩායම – රු. 75,000.00

අනුශූරතාව – රු. 40,000.00

පාපැදි සවාරියට ප්‍රධාන අනුග්‍රාහකත්වය පිරිනමමින් නිපෝන් පේන්ට් ආයතනයේ සාමාන්‍යාධිකාරී නේමන්ත අබේසිංහ මහතා විසින් ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාට පිළිගැන්වූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment