චෙන්නායි පිලට ලකුණු 20ක ජයක්

183

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අතර මග නතර කර දැමුණු ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට මහේන්ද්‍ර සිං දෝනිගේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය. එ් අනුව ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත්වී ඇති අතර ඔවුන් මේ දක්වා පැවැති තරග 8කදී ජයග‍්‍රහණ 8ක් වාර්තා කිරීමට සමත්වී තිබේ.

පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි ඉනිමේ පළමු කඩුලූ 3 මුළු ලකුණු 7 දී බිඳ දැමීමට මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එ් අනුව ෆෆ් ඩුප්ලෙසිස් සහ මෙයින් අලී ලකුණු නොලබා පිටියෙන් ඉවත් කෙරණු අතර සුරේෂ් රයිනා ලකුණු 4කට දැවී ගියේය. අම්බති රයිදු ලකුණු ලබා ගැනීමට පෙර ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වූ අතර මුළු ලකුණු 24ක් වෙද්දී චෙන්නායි පිතිකරුවෝ 5 දෙනකුම නැවත කී‍්‍රඩාගරයේ අසුන් ගැනීමට සිදු වී තිබිණි.

අනතුරුව 6 වැනි කඩුල්ලට රුට්රාජ් ගයික්වාඞ් සමගින් පිටියට එක් වූ රවීන්ද්‍ර ජඬේජා ලකුණු 81ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්විය. රුට්රාජ් ගයික්වාඞ් පන්දු 58කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 88ක් රැුස් කළේය. රවින්ද්‍ර ජඬේජා ලකුණු 26ක් සහ ඩෙවෝන් බ‍්‍රාවෝ පන්දු 8කදී ලකුණු 23ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 8ක් දැවී ලකුණු 136කට සීමා විය. සෟරබ් තිවාරි පන්දු 40කදී ලකුණු 50ක් සහ ක්වින්ටන් ඩිකොක් ලකුණු 17ක් රැුස් කළේය.

මේ අතර මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ශී‍්‍ර ලංකාවේ දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කී‍්‍රඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නියිට්රයිඩර්ස් අතර තරගය ඊයේ (20 වැනිදා* රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතව තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment