ජනමාධ්‍ය සම්මාන රාත්‍රිය හෙට

114

ශ්‍රී ලංකා කර්තෘ සංසදය මෙහෙයවීමෙන් 23 වැනි වරටත් පවත්වන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලත් ඒ අවසානයේ කූඨප්‍රාප්තියට පත්වන සම්මාන රාත්‍රියත් දෙසැම්බර් 13 වැනිදා (හෙට) ගල්කිස්ස හෝටලයේ එම්පයර් බෝල්රූම් ශාලාවේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති, ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආදියේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි. මෙම වාර්ෂික වැඩසටහන පවත්වනුයේ ජනමාධ්‍යයේ වෘත්තීයභාවය පිළිගැනීමට ලක් කිරීමට හා එහි විශිෂ්ට කුසලතා දැක්වූවන්ට සම්මාන පිරිනැමීමටයි.

මේ වසරේ ජනමාධ්‍යවේදීන් 34 දෙනකුට පෑන සහිත ජයසංකේත සම්මාන පිරිනැමෙන අතර, තවත් 17 දෙනෙක් කුසලතා සම්මානයෙන් ඇගයෙති. මීට අමතරව ජීවිත කාලය පුරා කළ මෙහෙවර උදෙසා චිත්‍රා වීරරත්න මහත්මිය සහ දයා ලංකාපුර, ඒ. ඩී. රංජිත් කුමාර, පී. මානික්වාසගම්, පී. බී. ඉලංගසිංහ යන මහත්වරු සම්මානයෙන් පිදුම් ලබති. ඔවුන්ගේ නාමාවලිය මෙම සටහන අවසානයේ දැක්වෙයි.

වසරේ ගවේෂණශීලී මාධ්‍යවේදියා ලක්‍ෂ්මන් කදිරගාමර් ශිෂ්‍යත්වය ඔස්සේ ප්‍රමුඛ පෙළේ ඉන්දියානු ජනමාධ්‍ය විද්‍යායතනයක් වන කේරළයේ මැස්කොම් වෙත යොමුකිරීමටද නියමිතය. මෙම ශිෂ්‍යත්වලාභියාට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනුග්‍රහයෙන් එරටට ගමන් පහසුකම් සැපයෙනු ඇත.

මේ වසරේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වනුයේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන කර්තෘ මනික් ද සිල්වා මහතාය. මෙම වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩයලොග්, ඛධඛක්‍ල ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හා ඕලු බොම්ල්වි වෝටර් යන ආයතන මගිනි. අනෙකුත් අනුග්‍රාහයකයන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඉන්සී සිමෙන්ට් යන ආයතනයි. ගල්කිස්ස මහ හෝටලය සත්කාරක අනුග්‍රාහකත්වයට දායක වෙයි.

මෙම වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන සඳහා පුවත්පත් ආයතන නවයකින් යොමු කෙරුණු අයැදුම්පත් 251 ක් අටදෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් වෙත යොමුකරනු ලැබීය. අංශ 17 ක් වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමේ.

advertistmentadvertistment
advertistmentadvertistment