ජූඩෝවලට රට යන්න සිටි සිසුවාට පාසලේ 20ක් වට කරගෙන ගහලා

613

මෙම මස 22 දින ජපානේ පැවැත්වෙන ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය සඳහා යෑමට සූදානම්ව සිටි ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ දහම් ඉඳුවර අත්තනායක ශිෂ්‍යයාට පාසල් සිසුන් විසිදෙනකුට අධික පිරිසක් පහර දීම නිසා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කර පරීක්ෂණ පවත්වන බව ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

පාසලේ මෙම 10 ශ්‍රේණියේ පන්ති අතර කාලයක් තිස්සේ ගැටුමක් පවතින බවත් පාසල් පරිපාලනය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති නිසා එය විසඳී නොමැති බවත් පාසලේ දෙමාපියෝ පවසති.

පාසලේ දී මෙම සිසුන් දහම් ඉඳුවර සිසුවාට තර්ජනය කර එළියේ දී බලා ගමු කියා පාසල නිමවී නිවසට යෑමට ගම්පොල බස් නැවතුම වෙත යමින් සිටි ඔහුට ශාන්ත ඇන්ඩෲ විදුහල අසල දී මෙසේ පහර දී තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය සිසුවාගෙන් ප්‍රකාශ ගෙන ඇත.

මේ පිළිබඳව විදුහල්පතිනියගෙන් විමසීමට උත්සාහ කළද ඇය පාසල් දුරකථනයට හෝ ඇගේ පෞද්ගලික දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

විස්සකට අධික පිරිසක් තමාට පහර දුන් බවත් හත් දෙනකුගේ නම් තමා දන්නා බවත් සිසුවා පොලිසියට කියා ඇත.

පොලිසිය ඔවුන්ගෙන් ද ප්‍රකාශ ගැනීමට කටයුතු යොදා තිබේ.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් මත ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් කැකුලන්දර මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇත.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment