ජූඩෝ දක්ෂතම ක්‍රීඩිකාව මිහිනි – ක්‍රීඩකයා නිමේෂ්

175

24 වන සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේදී මහනුවර උසස් බාලිකා විදුහලේ මිහිනි දසනායක දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, මහනුවර කිංස්වුඩ් විදුහලේ නිමේෂ් අබේකෝන් දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සම්මාන ලබා ගත්හ.

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති මෙවර තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව ගම්පොල ජිනරාජ බාලිකා විදුහල ද, සමස්ත බාලක ශූරතාව ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල ද දිනා ගත්තේය.

ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා මෙවර පාසල් 80 කට වැඩි ප්‍රමාණයක් සහභාගි වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment