ප්‍රංශ  විවෘත කාන්තා ටෙනිස් ශූරතාව ස්වියාටෙක්ට

193

2022 ප්‍රංශ විවෘත කාන්තා ටෙනිස් ශූරතාවය ජයග්‍රහණය කිරීමට පෝලන්ත ජාතික 21 හැවිරිදි ඉගා ස්වියාටෙක් පෙරේදා (04 වෙනිදා) සමත් වූවාය.

 අවසන් මහා තරගයේ දී ඇමෙරිකා ක්‍රීඩිකා කොකො ගවුෆ් 6-1, ක් සහ 6-3ක් ලෙස පරාජය කරමින් ස්වියාටෙක් මෙම ජයග්‍රහණය ලබා ගත්තාය.

 පෝලන්ත ක්‍රීඩිකාව මෙම ශූරතාවය ජයග්‍රහණය කළ දෙවෙනි අවස්ථාව මෙය වන අතර ඇය මේ වන විට ලොව අංක එකේ කාන්තා ටෙනිස් ක්‍රීඩිකාව ලෙස ශ්‍රේණිගතව සිටී. ස්වියාටෙක් සහ අනුශූරතාවය ජයග්‍රහණය කළ ගවුෆ් අවසන් මහා තරගයෙන් පසුව මෙසේ ඡායාරූපයකට පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment