තවත් සීනි ගබඩාවක් වටලයි

306


කිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත හුණුපිටිය අළුත්පාරේ පවත්වාගෙන ගිය පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වී නොමැති ගබඩාවක් අද (30දා* වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත‍්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ කිරිබත්ගොඩ පොලීසිය එම ගබඩාවේ තිබී සුදු සීනි මෙටි‍්‍රක් ටොන් 800ක් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සීනි තොගය මීට මාසයකට පමණ ඉහතදී මෙහි ගබඩා කර තිබේ.
එම ස්‍ථානයේ මුරකරු ලෙස සිටි පුද්ගලයාගෙන් කරුණු විමසූ විට තමා මෙහි සේවයට පැමිණ දින විස්සක් පමණ වන බවත් එම කා‍ලය තුල සීනි ඇසුරුම් ගබඩාවට රැුගෙන ඒමක් හෝ ගබඩාවෙන් පිටතට සීනි ගෙන යාමක් හෝ සිදු නොවුණු බව පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment