තිරිඟු පිටි කිලෝ කෝටි 7කට කිට්ටු වෙන්න ගිය වසරේ ගෙන්නලා – ඇමැති රංජිත් සියඹලාපිටිය

85

තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් හයකෝටි හැත්තෑ නව ලක්ෂ එකසිය හැට අටක් පසුගිය වසරේ දී (2022) ආනයනය කර තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 වැනිදා) පැවසීය.

ඒ සඳහා ඇමරිකානු ඩොලර් දශ ලක්ෂ තිහක් වැය කර තිබෙන බව ද කී ඒ මහතා මෙසේද කීය.

මේ සංඛ්‍යා දත්ත අනුව මෙරටේ හැම පුද්ගලයකුම තිරිඟු පිටි කිලෝ තුන බැගින් පරිභෝජනය කර තිබෙන බව උපකල්පනය කළ හැකියි. දැන් මොකද වෙලා තිබෙන්නෙ. දැන් සහල් අලෙවි කර ගැනීම ප්‍රශ්නයක් වෙලා. මෙතෙක් පරිභෝජනය කළ තිරිඟු පිටි කිලෝ තුනෙන් එකක් සහල්වලට හුවමාරු කරන්න පුළුවන් නම් ඒක වැදගත්. ඒ හරහා තිරිඟු පිටි කිලෝ කෝටියක් අඩු කර ගත හැකි නම් වැදගත්.

ඒ වගේම 2020 වසරෙදී ආනයනික සහල් මෙටි්‍රක් ටොන් පන්දහස් තුන්සියය 2021 වසරේ දී මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ තිස් පන්දහස ඉක්මවුණා. 2022 වසරේ දී ඒ තත්ත්වය තවත් දරුණු වුණා. ඒ කියන්නේ මෙටි්‍රක් ටොන් හත් ලක්ෂ තිස්තුන් දහසකට වැඩි ප්‍රමාණයක් ආනයනය කළා. මේකට මූලිකම හේතුව වුණේ සහල් නිෂ්පාදනය අඩු වීමයි. නමුත් දැන් සහල් ආනයනය නතර කළා. මේ කන්නයේ දී මෙටි්‍රක් ටොන් විසි හතර ලක්ෂයක අස්වැන්නක් ලැබෙයි කියා අපේක්ෂා කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment